දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ  ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවේ.    

පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ දක්වා ද මාතර සිට  හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ද වෙරළට ඔබ්බෙන්  වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.