
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට අධික වටිනා ත්‍රිරෝද රථ 13ක් පොලිස් භාරයට ගෙන ඇත.
වැලිකඩ සහ වැල්ලම්පිටිය පොලිසිවලට වාර්තා වි තිබූ ත්‍රී රෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිකළ තොරතුරු අනුව සැකකරුවන් , ඒකල ,හෝමාගම, කිරිඳිවැල, කඩවත සහ මහනුවර ප්‍රදේශවලදී අත්අඩංගුවටට ගෙන ඇත.
COMMENTS
ත්‍රිරෝද රථ යනු පාතාල ක්‍රියාකාරින් සදහා වු කදිම වාහනයකි යතුරුපැදි හැරෙන්‍න පාතාල ජඩකම් මැරකම් සදහා යොදාගන්‍නා මෙම වාහනය ඔවුන්‍ට අවැසි පරිදි පරිහරණය කරයි දැනට නවතම ත්‍රිවිල රථයක් රු ලක්‍ෂ 20 කට අධික නිසා මෙවැනි ආකාරයට කොටස් ගලවා විකිණිමෙන් වැඩි මුදල් උපයා ගැනීමට ජාවාරම්‍කරුවන් කටයුතු කරන බැවින් මෙම තත්‍වයන් වළකා ගැනීමට ත්‍රිවීල සංගම් පෝලිසිය සමග සමිපව කටයුතු කිරීම යෝග්‍ය වේ