
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700 ක් ත්‍රිපෝෂ සමාගම වෙත බාර දෙන්නේය.
භාරදීමේ නිල උත්සවය ත්‍රිපෝෂ සමාගමේදී පැවැත්විණ.
ත්‍රිපෝෂ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය මෙම සෝයා බෝංචි සහ බඩ ඉරිඟු තොගය ලබා දී ඇත.
මෙම ආහාර තොගය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට සහාය වීමට ලෝක ආහාර වැඩසටහන සිදු කරන හදිසි මෙහෙයුම වෙනුවෙන් ඇමෙරිකාව සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක පුළුල් සහනාධාරයේ කොටසකි.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පාලන සහ අවදානමට ලක්විය හැකි ජනගහන කාර්යාලයේ අධ්‍යක්ෂක ඇස්ටා සින්බෝ සහභාගී විය.

COMMENTS