IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තිළිණිගෙන් ප්‍රකාශ ගන්න සීඅයිඩිය බන්ධනාගාරයට

(නිමන්ති රණසිංහ)

මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි යන අයගෙන් වැඩි දුරටත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයයේ කාන්තා අංශයට ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා (07) පෙරවරු 10:30 සිට එදින පස්වරු 2:30 අතර කාලයේදී පැය පහකට ආසන්න කාලයක් එම ප්‍රකාශ සටහන් කරගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම සිද්ධියට අදාළව ම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ක්‍රිශ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය කොළඹ රිමාන්ඩ් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සැකකාර තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා 7 පැය හතරක කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගත් බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදී ඇයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද,  ඇය  නොපැමිණි බවත් පසුව පෙරේදා (07) පැමිණි ඇයගෙන් පරීක්ෂණ වලදී මතු වූ වීඩියෝ දර්ශන පෙන්වා ප්‍රශ්න කිරීමේදී ඇය නිරුත්තර වූ බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංගීතා වීරරත්න මහත්මියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවහොත් ඉදිරියේදී වූවොත් ඉදිරියේ දී නැවත කැඳවීමක් කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

තිළිණි සම්බන්ධයෙන් උඹ වන පරීක්ෂණ වලට අදාළව රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය ගෙන් පැය 4ක ප්‍රකාශයක් ද, රංගන ශිල්පී හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ගෙන් පැය පහක ප්‍රකාශයක් ද ප්‍රකාශයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් තවත් නවක නිළියකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති බව ද සඳහන් කර ඇතැයි  වාර්තා වේ.



අදහස් (0)

තිළිණිගෙන් ප්‍රකාශ ගන්න සීඅයිඩිය බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site