IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තහනම් උත්තේජක වැරැදිකරුවන් වන ක‍්‍රීඩකයන්ට - පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක්

තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවට වැරැදිකරුවන් වන මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. කොළඹදී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසුවේ මින් ඉදිරියට තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවලට වැරැදිකරුවන් වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජීවිතාන්තය තෙක් තරග තහනමක් පනවන අතර ඔවුන්ගේ පුහුණුකරුවන්ටද ජීවිතාන්තය තෙක් තහනමක් පැනවීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබෙන බවයි. එහිදී වැරැුදිකරුවන් වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තහනම් උත්තේජක හා ඒවා අඩංගුවන ඖෂධ නිකුත් කර හසුවන වෛද්‍යවරුන්ටද වසර දෙකක තහනමක් පැනවීමටද කී‍්‍රඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බවයි. ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසුවේ තමා කී‍්‍රඩා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු තහනම් උත්තේජක චෝදනා ලැබූ මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 13 දෙනකු මේ වනවිට හඳුනා ගෙන තිබෙන බවයි. මේ වනවිට මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 23 දෙනකු තහනම් උත්තේජක චෝදනාවලට හසුව ඇති බව කී‍්‍රඩා අමාත්‍යංශයට වාර්තාවී ඇති බවත් ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.      



අදහස් (0)

තහනම් උත්තේජක වැරැදිකරුවන් වන ක‍්‍රීඩකයන්ට - පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක්

රොම්පයා Friday, 22 June 2012 12:52 PM

සමහරු දියවන්නාවට එන්නත් තහනම් උත්තේජක යොදාගන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site