IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තහනම් උත්තේජක ගත් මලල ක‍්‍රීඩකයාගේ පුහුණුකරුටත් දඬුවම් දෙන්න’යි යෝජනාවක්

තහනම් උත්තේජක චෝදනාවට ලක්වූ ලාබාල කෙටි ධාවන ශූරයෙකු වන හිමාෂ ඒෂාන්ගේ පුහුණුකරුට එරෙහිවද දැඩි පියවර ගත යුතු යයි අද (7) පැවැත්වෙන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ විධායක සභා රැුස්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. මලල ක‍්‍රීඩා සංගමයේ විධායක සභා රැස්වීම අද පස්වරු 2.30 ට ටොරින්ටන් පෙදෙසේ ක‍්‍රීඩා අමාත්‍යංශ නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ස්ථාපිත මලල ක‍්‍රීඩා සංගම් නව මූලස්ථානයේදී පැවැත්වේ. ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 (පිරිමි) ඉසව්ව තත්ත්පර 10.50 ට ජයගත් හිමාෂ 18 හැවිරිදි පාසල් සිසුවෙකි. තහනම් උත්තේජකයක් වන මෙතිල්හෙක්සමින්  (Methylhexaneamine) ඔහුගේ ශරීර ගත වී තිබූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනකුගේ මුත‍්‍ර නියැදි අහඹු ලෙස ලබාගැනීමට කටයුතු කළ බව ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසයි. මේ වනවිට තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවට ලක්වූ ශී‍්‍ර ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණන 14ක් දක්වා ඉහළ ගොස් තිබේ. පෞද්ගලික ඖෂධ වෙළෙඳසලකින් මිලදී ගත් ශක්ති වර්ධන පානයක් තමා පාවිච්චි කළ බව චෝදනාලාභී ක‍්‍රීඩකයා ප‍්‍රකාශ කර තිබේ. තරග වැදීමකට ආසන්නව පිටියදී එය භාවිතා නොකරන ලෙස අසුරණයේ දක්වා තිබියදීත් අදාළ කී‍්‍රඩකයා එය පාවිච්චි කර තිබේ නම් එහි වගකීම පුහුණුකරුවාත් බාර ගත යුතු බවට මේ සම්බන්ධයෙන් මලල ක‍්‍රීඩා සංගමයට යෝජනා ඉදිරිපත් වනු ඇතැයිද වාර්තාවේ. "ලංකාදීප”ය කළ විමසුමකට පිළිතුරු දුන් මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා මෙම මලල ක‍්‍රීඩකයාට එරෙහිව එල්ල වී තිබෙන තහනම් උත්තේජන චෝදනාව සම්බන්ධයෙන් අවසන් නිර්දේශ ඉදිරිපත් කරන්නේ විනය කමිටුව බව පැවසීය. මෙම සිද්ධිය ගැන ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය ලංකාදීපයට පැවසුවේ නොදැනුවත්කම සමාවක් දීමට හේතුවක් නොවන බවය. එහෙත් මෙම සිද්ධියේ ස්වභාවය දෙස බැලීමේදී ක‍්‍රීඩකයාට දඬුවම් පැමිණවීමේදී ලිහිල් පිළිවෙතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

තහනම් උත්තේජක ගත් මලල ක‍්‍රීඩකයාගේ පුහුණුකරුටත් දඬුවම් දෙන්න’යි යෝජනාවක්

චන්ද්‍රසිරි Friday, 07 December 2012 02:08 PM

දැඩි අවවාද දීලා යහමගට ගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site