IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තහනම ඉවත් කළේ නීතියේ හිලක් නිසයි

කොටි සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසට 2006 දී යුරෝපා සංගමය විසින් පැනැවුණූ තහනම් ඉවත් කර ගැනීමට සිදුවුයේ එම තීරණය ගත් අවස්තාවේදී කරුණු සලකා බැලීමට උසාවියට ඉදිරිපත්කළ සාක්කි වල විශ්වසනීයත්වය අවශ්‍ය අන්දමට නොතිබීම නිසා යැයි ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි. 

තහනම පැනවීමේදී සාක්කි වශයෙන් සලකා බලා ඇත්තේ කොටි  සංවිධානයේ ඉතිහාසය සහ ක්‍රියාකාරකම් පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා සහ වීඩියෝ පමණකි. එවැනි කරුණු මෙම තහනම ඇතිකිරීම සඳහා වැදගත් සාක්කි ලෙස සැලකීම නුසුදුසු බවට යුරෝපා සංගමයේ උසාවිය තීරණය කිරීම" තහනම ඉවත්කිරීමට හේතුවී ඇති බවද එම වාර්තා කියයි. 

කොටි සංවිධානයට අයත් වත්කම් සඳහා පනවා ඇති තහනම එලෙසම පවත්වාගෙන යාමට එම උසාවි අණකර ඇත.

මෙම උසාවි නියෝගය කිසිසේත්ම දේශපාලන හේතුවක් හෝ බලපෑමක් මත සිදු නොවුවක් බවත් හුදෙක් සම්බාදක පැනවීම තීරණය කළ කාලයේ ඉදිරිපත්වූ සාක්කිවල දුර්වලකම් නිසා සිදුකළ වෙනසක් බවත් එම මාධ්‍ය වාර්තා අවධාරණය කරයි.

කිසියම් විධියකින් එම අවස්තාවේදී එල්ටීටීඊ සංවිධානය පිළිබඳව තොරතුරු අදාළ රටවල් වෙත ගොස් අපක්ෂපාතීව සහ සවිස්තරාත්මකව කරුණු විමසා බලා සාක්කි වාර්තාවක් ලෙසට උසාවියට ඉදිරිපත් කෙරුනානම් මෙම තහනම පැනවීම පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් පැන නොනැඟීමට ඉඩ ප්‍රස්තා තිබුණු බව ද එම වාර්තාව කියයි.

 

 



අදහස් (0)

තහනම ඉවත් කළේ නීතියේ හිලක් නිසයි

අතලගේ Friday, 24 October 2014 11:15 AM

එහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි. (නදී)

:       0       0

උපාලි Friday, 24 October 2014 01:29 PM

දැන් එයාලට තරු පෙනෙන කාලය ඇවිත් තියෙන්නේ.ලගදීම ග්‍රහ ලෝකත් පෙනේවී. (ස)

:       0       0

ඩයන් Saturday, 25 October 2014 03:26 AM

ඉතින් ඕක කරේ රනිල් කියලා සිළුමිණ පාරම් බෑවේ බොරුවටද ? පව් ඒ මනුස්සයව බොරුවට කොටියෙක් කලේ? (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 25 October 2014 03:53 AM

කෝ මහගෙදර රෙදි හෝදන විමල්ලා?ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන දැන් කතා නැහැ?සචින්වාස්ල,මර්වින්ලා, දුමින්දලා,,වගේ අය විදේශ අමාත්‍යංශයේ උපදේශක වරු විදියට දැන් වත් පත් කලොත් ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් වේවි?(අ)

:       0       0

සේන Friday, 24 October 2014 08:31 AM

ඉතින් ඔය තහනම ඉවත් කරනවාට විරුද්දව අපේ ආණ්ඩුවෙන් මොනවාම හරි දෙයක් කලාද? (නදී)

:       0       0

සමීර Friday, 24 October 2014 09:36 AM

ආයේ තහනම දමන්න ලංකාවට ඇවිත් සාක්කි ගන්න ඕන කියයිද දන්නෙනෑ? (ර)

:       0       0

ඉසුරන්දි Saturday, 25 October 2014 05:28 AM

ත්‍රස්තවාදය හුරතල් කරන යුරෝපා ඇතුළු සියළුවම රටවලට කවදාහරි වැළපෙන්න වේවි ඒ රටවලුත් ත්‍රස්තවාදයෙන් බැට කද්දී. (අ)

:       0       0

ලලිත්ගුනදාස Friday, 24 October 2014 10:14 AM

නැවත නඩු දමමු තහනම පැනවීම පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් නම් සවිස්තරාත්මකව කරුණු විමසා බලා සාක්කි වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරමු (නදී)

:       0       0

සෑම් Friday, 24 October 2014 10:30 AM

ලංකා රජය කරුණා අම්මාන්ට,පිල්ලෙයාන්ට , කේ පී ට සලකන විදිය පෙන්නුවා නම් වෙනත් සාක්කි මොකටද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site