වසර දෙකක තරග තහනමකට ලක්ව සිටි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් ලාභී බර ඉසිලීමේ කී‍්‍රඩක, චින්තන ගීතාල් විදානගේ සිය තහනම් කාලය නිමාවීමෙන් පසු සහභාගි වූ පළමු තරගාවලියේදීම නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. අද (16 වැනිදා) පැවති උතුරු මැද පළාත් කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට චින්තන සමත් විය.
අනුරාධපුර මහජන කී‍්‍රඩාංගණයේදී පැවති මෙම බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 85 බර පන්තිය යටතේ තරග කළ චින්තන, ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 128 ක් බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාව තැබුවේ ඊට පෙර රන්සිඑ ජයතිලක විසින් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 127 ක බරක් ඔසවමින් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමිනි.
(ඡයාරූප: අතුල බණ්ඩාර)
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහනමින් මිදුනු චින්තනගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්
මංජු Sunday, 16 June 2013 05:29 PM
හැබැයි පුතෝ යලිත් තහනම් වැඩ එපා හොඳේ.(නදී)
මහවැලි Sunday, 16 June 2013 05:33 PM
අපේ ගමේ කොල්ලට උණුසුම් සුබ පැතුම්.(නදී)
රිමාන්ක් Sunday, 16 June 2013 05:42 PM
අපේ චින්තනට ජයවේව කොස් දෙල් අල බතල කපු අපට 128 ක් මහා කජ්ජක්ද පුතා (අ)
අරුන Sunday, 16 June 2013 06:41 PM
මල්ලි ඔබට ජය.(නදී)
ඔෂාන් Sunday, 16 June 2013 06:55 PM
මම ඔබට සුභ පතනවා. හරි මගට එන්න (අ)
නදී Sunday, 16 June 2013 07:51 PM
අපේ රටේ පසුගිය අවුරුදු 5 තුල ක්‍රිකට් හැරුනම, අනෙකුත් ක්‍රීඩා වලින් උපරිම තලයට එන්න පුළුවන් ක්‍රීඩකයන් හිටියේ නැති තරම්. චින්තක ගීතාල් විදානගේ ඒ උපරිම තලයට යන්න පුළුවන්. එමෙන්ම පොදු රදු මඩුලු ක්‍රීඩා උළෙලේදී එය මැනවින් ප්‍රදර්ශනය කල ක්‍රීඩකයෙක්. 2012 ඔලීම්පික් වල කොච්චර ක්‍රීඩකයෝ හිටියාද ඒ වැනි දඩුවම් ලක් වී පස්සේ පදක්කම් ගත්ත අය. කළ වැරදි හෝ අතපසු වීම් වලින් පාඩම් උගෙන 2016 දී බ්‍රසීලයේදී පැවැත් වෙන ඔලීම්පික් ක්‍රිඩා උළලේදී අපේ රටට පදක්කමක් ගෙන ඒමට දිරි හා එඩිය ලැබේවා.(නදී)