IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිහගොඩ ප්‍රාථමිකයේ සෙනුදි 195 ගනී

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

“කාල සටහනකට අනුව වේලාව වෙන් කර ගෙන පාඩම් වැඩ ඒ දවස තුලම සිදු කලා.අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් ද සමබරව සිදු කලා. උත්සාහවන්තව වැඩ කලොත් අපි බලාපොරොත්තු වන ඉලක්කයට පහසුවෙන් යා හැකියි යැයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගත් තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.කේ.සනුදි සෙනෙත්මා (10) සිසුවිය පැවසුවාය.

තිහගොඩ බටුවිට බලහමුල්ල පදිංචි ඇයගේ පියා වන සුරේෂ් විජේසිංහ (42) මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකි.

මව ජනනි සසංගිකා ද සොයිසා (40) මහත්මිය සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ සමාගමේ විධායක නිලධාරිනියකි.

සනුදි ගේ එකම සහෝදරයා වන තිනුක සෙනෙහස් (15) කොටුව ජනාධිපති විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඇය ඉගෙනුම ලබන තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී රසාදරි ගමගේ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය පාසල් වේලාවට ද අමතරව සවස 6.00 පමණ වන තෙක් දරු දැරියන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙමින් විශාල කැපවීමක නිරතව ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස සනුදි ඇතුළුව දරු දැරියන් 38 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇත.

 



අදහස් (1)

තිහගොඩ ප්‍රාථමිකයේ සෙනුදි 195 ගනී

Senarath Friday, 27 January 2023 12:58 PM

ඔබට අපෙන් සුබපැතුම්..! හොඳින් ඉගෙනගෙන රටට ආදරය කරන හොඳ පුරවැසියෙක් වෙන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site