IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිස් ලක්ෂයත් නැහැ

 රුපියල්   තිස් ලක්ෂයක් තම ගමන් මල්ලේ පතුලේ සගවාගෙන කුවෙට්  බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු  අත්අඩංගුවට  ගත් රේගුව ඔහුට රුපියල් පන්ස් දහසක දඩයක් නියම කර,  එම මුදල් තොගය රාජසන්තක කළේය.

සැකකරු  කොළඹ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකු බවත්  අදාල  දඩ මුදල සැකකරු විසින් නොගැවීම නිසා ඔහුව මීගමුව අදිකරණයට බාර දීමෙන් අනතුරුව  රිමාන්ඩි  බන්ධනාගාරගත කළ  බව රේගු මාධ්‍ය ප‍්‍රකාශත රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු පෙරේදා සවස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 229 දරණ ගුවන්යානයෙන්  කුවෙට් බලා යාමට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් සහ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රේගුවට පවසා ඇත්තේ මෙම මුදල්,  රුපියල් දස දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත  කුවේට් හි සිටින පුද්ගලයෙකුට  බාර දීම සඳහා මෙලෙස රැගෙන යාමට උත්සහ කළ බවකි.

මේ පිලිබඳ විමර්ශක කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළෙ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරිවරුන්වන එස්. චන්ද්‍රසේන, පී.එස් නුගවෙල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන ජේ.කේ.එන් පෙරෙරා, ලලිත් රණතුංග, එස්.එම්.එස්  තිසේරා, කේ.කේ.ඞී ප‍්‍රියදර්ශන, එ.එල්.එම් ෆපීර් යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

තිස් ලක්ෂයත් නැහැ

සරත් Friday, 12 July 2013 11:06 AM

අපේ රේගු නිළධාරීන්ට උණුසුම් සුබ පැතුම් ! (දී)

:       0       0

ඇසළ Friday, 12 July 2013 12:00 PM

සල්ලි මෙහෙම අරගෙන යනවද. පිටකොටුවේ නාඩර් කෙනෙකුට දුන්නා නම් උන්ඩියල් ක්‍රමේට පැයකින් ඕනෑම රටකින් ගන්න පුළුවන්. වියදම් වෙන්නේ සුළු කොමිස් මුදලක් විතරයි. මුදලත් ආරක්ෂිතයි දඩයකුත් නැහැ. රිමාන්ඩ් වෙන්නෙත් නැහැ. (දී)

:       0       0

ලුම්බිණි Friday, 12 July 2013 09:06 AM

ලංකාවේ රුපියල් පිටරට ගෙනිහින් ඇති වැඩේ මොකද්ද? කොහෙවත් මාරු කරන්න බැරි සල්ලියක්. (නදී)

:       0       0

පිටබෙද්දර ජයා Friday, 12 July 2013 03:07 PM

කෙනඩා දිසා , ලක්ස 37 කියන්නේ පොඩි මිනිහෙක්ගේ වැඩක්ද ? නිකන් මෝඩ කතා කියන්න එපා අනේ (දී)

:       0       0

කැනඩා දිසා Friday, 12 July 2013 09:42 AM

අයියෝ මේවද ගේම්? පොඩි මිනිහෙක් කළහම ඔහොම තමයි (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 12 July 2013 10:02 AM

මුදල් වලට ආශාවෙන් තව තව මොන වගේ අපරාද වැඩ කරනවා ඇද්ද ? (දී)

:       0       0

විදානගේ Friday, 12 July 2013 10:20 AM

නිත්‍යානුකූලව මුදල් ගනු දෙනු කළා නම් ඔය මොකක්වත් නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site