IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තිස් ලක්ෂයක හොර හලෝ ගුවන්තොටේ හිරවේ

විදුලි  සංදේශ  නියාමන කොමිසන් සභාවේ අවසරයකින්  තොරව ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද ජංගම දුරකතන සහ උපාංග තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයෝ හතර දෙනෙකු    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

 සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෝ වෙති.

අත්අඩංගුවට ගනු ලැබූ භාන්ඩ අතර නොකියා, ඇපල්, සැම්සුන්  ආදී වර්ගවලට අයත් ජංගම දුරකතන 783ක්, ජංගම දුරකතන බැටරි 560ක්, ජංගම දුරකතන උපාංග ඇසුරුම් පෙට්ටි 700 ක් සහ බැටරි චාජර 1100 ක් තිබූ බව රේගුව කියයි.

මෙහි වටිනාකම රුපියල් තිස් ලක්ෂ හැත්තෑ දහසකි.

සැකකරුවෝ  එම්රේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 652 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ නොකර ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ දරද්දී රේගු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මළු  පරීක්ෂා කිරීමේදී මෙම ජංගම දුරකතන සහ උපාංග තොගය  සොයාගෙන ඇත. 

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන එස්.එස් පේ‍්‍රමරත්න,  ඒ.කේ.එන් වික‍්‍රමසිංහ යන නිලධාරීන්ගේ මෙහෙයවීමේන්  රේගු අධිකාරීවරුන් වන  රෝහණ සේනාධීර සහ  මහේන්ද්‍ර අර්තනායක යන නිලධාරීන් විසින් සිදු කරති.



අදහස් (0)

තිස් ලක්ෂයක හොර හලෝ ගුවන්තොටේ හිරවේ

බන්දුල පෙරේරා Friday, 30 August 2013 10:21 PM

මොහොමඩ් මහත්තයට හිතා ගන්න බැරිද මේ කොළඹ ව්‍යාපාරිකයෝ කව්ද කියලා.එහෙම හිතුනා නම් ඔහොම කියන්නේ නැහැ. (නි)

:       0       0

ඩන්කන් Friday, 30 August 2013 05:10 PM

පොඩි හාල්මැස්සෙක්ද අල්ලලා තියෙන්නේ? (නි)

:       0       0

ධම්ම Friday, 30 August 2013 12:46 PM

දැන් ලේසියෙන් රේගුවෙන් පනින්න බැහැ. (නි)

:       0       0

මංජුල Saturday, 31 August 2013 05:48 AM

ඔහොම ගෙනාවොත් අල්ලනවනෙ. කන්ටේනර් පෙට්ටියක දමලා ගෙනාවා නම් හරි (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Friday, 30 August 2013 01:58 PM

මෙම රේගු නිලදාරීන්ගේ සේවය ඉතා අගයමි. රටට සේවයක් කරන මෙවැනි අයට රජයෙන් දිරි දීමනා දිය යුතුය (නි)

:       0       0

ගයන් Friday, 30 August 2013 09:01 PM

මොහොමඩ්, දිරි දීමන දෙන්නොනේ නැහැ. ඒගොල්ලන්ට 40%ක් අල්ලපු භාණ්ඩ වල වටිනාකමින් හම්බවෙනවා. වෙන මොනවද දෙන්න ඔනෙය්? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 565 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site