IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තිස් එක් ලක්ෂයක රන් කටුනායකදී අල්ලයි

රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා රන් බිස්කට් තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ  අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි වියේ පසුවන රෙදිපිලි  ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවට ගනු ලැබූ රත්තරන් වල බර ග‍්‍රෑම් හයසිය විසි එකකි.

පසුගිය සතියේද මේ උපක‍්‍රමයම භාවිතා කරමින්  රන් කැබලි  ඉන්දියාවට ගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු   කටුනායකදී අත්අඩංගුවට ගත් බවත් මෙරට රන් මිළ  පහත වැටී ඇති නිසාත්,  ඉන්දියාවට රන් ගෙනයාමට  නොහැකි වන සේ යම් යම් නීති රීති සහ සීමා පනවා ඇති බැවින් මේ අයුරින් සගවාගෙන යාමේ ප‍්‍රවනතාවයක් ඇතිවී ඇති බවද ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු   ඊයේ රාත‍්‍රී 11.45 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමින ඇත.

එහිදී සැකකරු පිළිබඳ ඇතිවූ සැකයක් මත සහකාර රේගු අධිකාරී චන්දන රත්නායක මහතා විසින් සැකකරු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් බිස්කට් සොයාගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය පැවත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතා විසින් සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කොට රන් බිස්කට් රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී රංජිත් ද අල්විස්, සහකාර රේගු අදිකාරීවරුන් වන චන්දන රත්නායක, සී කොටැඹගේ, එස්.සී ලොකුගම, මාලක විජේසේකර, ටී.සී සමරවීර සහ එස්.ඞී දයානන්ද යන නිලධාරීන් විසින් සිදුකරනු ලැබූහ.

 



අදහස් (0)

තිස් එක් ලක්ෂයක රන් කටුනායකදී අල්ලයි

ෆාරුක් Friday, 30 August 2013 05:15 PM

හරිම අවංක රේගු මහත්තුරු ටිකක් අපිට ඉන්නේ. (නි)

:       0       0

විජේ Friday, 30 August 2013 12:50 PM

පුදුම වැඩක්නේ. හොදම ආදායම් මාර්ගය කරගෙන. (නි)

:       0       0

ලුම්බිණි Friday, 30 August 2013 08:23 AM

දැන් නම් සම්පුර්ණ ශරීර පරික්ෂන ස්කෑන් යන්ත්‍රයක් කටුනායකට අවශ්‍යමයි. (නදී)

:       0       0

ටිරල් Friday, 30 August 2013 08:42 AM

කොහොමද එතන තියෙනවා කියලා හොයාගන්නේ? (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Friday, 30 August 2013 02:01 PM

ගුද මාර්ගය වටිනා රන් වැනි දේවල් සඟවා තබන ගබඩාවක් වෙන්න යන්නේ. කෙසේ හෝ මෙම රේගු නිලදාරීන්ගේ කාර්යක්ෂම සේවය අගයමි (නි)

:       0       0

නසාර් Friday, 30 August 2013 02:18 PM

අයියෝ පස්සට ගිය කලක් (නි)

:       0       0

ජගත් ලියනගේ Friday, 30 August 2013 09:37 AM

හොදට හෙදුවද මෙසේ උඩ තියන්න කලින් (දී)

:       0       0

පිටිගල Friday, 30 August 2013 09:47 AM

මේ ලජ්ජා නැති ජරා වැඩේ අපේ ලංකාවේ කීර්ති නාමයටත් කැළලක්. මේ අයට ඒකටත් දඬුවම් කරන්න ඕන, රත්තරන් ටික රජ සන්තක කරලා විතරක් මදි.රත්තරන් මිල වගේ දෙගුණයක් දඩ ගහන්නත් ඕන. (දී)

:       0       0

උපාලි Friday, 30 August 2013 03:11 PM

අම්මපා, මට බැරිද දන්නේ නැහැ මේ රන් ප්‍රවාහකයන්ට කුලියට හරි බද්දට හරි සේවය කරලා මේ සල්ලි අමාරු කාලේ මට කීයක් හරි හොයාගන්න? මේ ලෝකේ කිසිම කන්ටේනර් එකක් මෙච්චර ජනප්‍රිය නැහැනේ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 30 August 2013 03:25 PM

සුපිරි මාර්ගයට අමතරව රත්තරන් මාර්ගයක්... (නි)

:       0       0

සිරි අයියා Friday, 30 August 2013 11:07 AM

ගුද මාර්ගයත් ආදායම් මාර්ගයක් කරගෙන. මෙහෙමත් තන්හාධික මිනිස්සු. තණ්හාය ජායතී සෝකෝ කිව්වලු. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 566 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site