IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්

කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළේය.

අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත්, මේ සිද්ධිය ලෙස බොහෝ දෙනකු බලා සිටින නිසා ඇප දුන්නොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් රහස් පොලිසිය කීවේය.

කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වේය.

(වීඩියෝ - සනත් ඩෙස්මන්)

(ඡායාරූප ඉෂාන් සංජීව)

_DSC0555

_DSC0555 _DSC0565

_DSC0524 _DSC0528 _DSC0547 _DSC0570 _DSC0571



අදහස් (0)

තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්

කොටිකාවත්ත Monday, 02 February 2015 10:38 AM

එතකොට තවත් සමහරු පෙන්වූ ව්‍යාජ දේවල් හොඳයිද ? (නි)

:       0       0

නිරෝෂ් Monday, 02 February 2015 10:42 AM

දැන් මොකද වෙන්නේ (දිල්)

:       0       0

උපාලි Monday, 02 February 2015 10:43 AM

මොනවා කරන්නද? කුම්බලා මාළු කෑව නම් විදවපන් කිව්වලු (දිල්)

:       0       0

ටිරොන් Monday, 02 February 2015 10:44 AM

හිටපු විදිහට විපක්ෂ ලේකම් විදිහට හිටියානම් ඉවරනේ (දිල්)

:       0       0

දර්ශන Monday, 02 February 2015 10:47 AM

මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අපට ඉක්මනින් හැකි වේවි (දිල්)

:       0       0

වරුණ Monday, 02 February 2015 10:49 AM

පැන්න විතරක් නම් කමක් නෑ, කට වහන් හිටිය නම්. ඒත් මෙයා පැන්න මදිවට තමන් ඉපදුන දා ඉඳන් හිටපු පක්ෂයට බොරු චෝදනා කළා හොර අත්සන් ගහපු ලියුම් පෙන්න පෙන්න. (දිල්)

:       0       0

රොහාන් Monday, 02 February 2015 10:52 AM

කළකම් පළදේ කියලා තමයි අපට කියන්න වෙන්නේ (දිල්)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 10:53 AM

දැන් සමහරුන්ට මොනවා හිතෙයිද? (නි)

:       0       0

චාමර Monday, 02 February 2015 10:54 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළල‍ෝ කිවුවලු (නි)

:       0       0

රිෂාන් Monday, 02 February 2015 10:54 AM

එතුමා පවු. මම නම් කියන්නේ නිදහස් කරන්න (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 02 February 2015 10:55 AM

අයියෝ! ඔබතුමා ගැන දුකයි (නි)

:       0       0

රොහාන් Monday, 02 February 2015 10:55 AM

පනින්න පෙර සිතා බලනු කියන්නේ ඒක තමයි (නි)

:       0       0

රොහාන් Monday, 02 February 2015 11:00 AM

උඩ පැන්නොත් බිම වැටෙන්නම වෙනවා.(හේ)

:       0       0

නසීර් Monday, 02 February 2015 11:06 AM

මේ මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

විරාජ් Monday, 02 February 2015 11:18 AM

ඔන්න දැන්නම් තිස්සට කියන්න පුළුවන් ' මම හිරේ ගිහින් තියෙන අංගසම්පුර්ණ දේශපාලකයෙක් කියලා.. හැබයි රජෝ කූට ලේඛන හදන හැටි විතරක් සිර නේවාසිකයන්ට එහෙම කියලා දෙනවා නොවේ ...?(හේ)

:       0       0

හේමන්ත Monday, 02 February 2015 11:31 AM

අවසාන මසක වගේ කාලයක් හැර දේශපාලන දිවියේ වැඩිකාලයක් මොහු කැපකළේ එක්සත් ජාතික පක්ෂයේ සමගිය සහ නායකත්වය ආරක්ෂා කිරීම පිණිසයි. (නි)

:       0       0

අජිත් Monday, 02 February 2015 11:23 PM

තිස්ස මහතා කෑ ලණුවේ දිග පළල පිළිබඳ යම් අදහසක් මේ වනවිට වටහාගත හැක. කෝ දැන් අර සිපවැළඳ පිළිගත් කට්ටිය? ඕක තමයි කියන්නේ 'හරිගියොත් ගොඩ, වැරදුනොත් කාපන් පරිප්පුව තනිවම' කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site