රත්නපුර පලාවෙල වේරගම කන්දේ බටගාලක ගොව්වකු සමඟ සිටි බව කියන ඇත් පැටවකු උඩවලව ඇත් අතුරු සෙවනට බාර දෙන්නට නියෝග කළ මහේස්ත්‍රාත් ඇත් ගොව්වාද පැටවා රැක බලා ගැනීමට එහි යවන ලෙස දැන්වීය.
අවුරුදු අටක් පමණ වයසැති මෙම ඇත් පැටවා රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යද්දී වේරගම පිරිසක් ඇත් ගොව්වා බේරාගැනීම සඳහා පාරට කඩා පැන අලියා සිටි ලොරිය නවත්වා ඇතැයි ශ්‍රී පාද රක්ෂිත වනජීවී කාර්යාලයයේ නිලධරයෝ අධිකරණය හමුවේ කියා සිටියහ.
සිකුරාදා (06) රාත්‍රී 9 ට පමණ සිදු මේ සිද්ධියෙන් රත්නපුර නගරයේ කලබලයක්ද ඇති විය.පොලීසියද කැඳැවීමට සිදු විය.
වනජීවී නිලධාරී චමත් ලක්ෂාන් මහතා පැවසුයේ ඇත් පැටවාට නිසි බලපත්‍රයක් ඉදිරිපත් නොකළ බවයි.මෙම ඇත් පැටවාට ‘පණ්ඩුල‘ යනුවෙන් නමක් දී ඇති බවත් තිස්සමහාරාමයේ විහාරස්ථානයක සිටි බවත් වනජීවී නිලධරයෝ කියති.
තිස්සමහාරාමයේ හිමි නමක් ලිපි ගොනුවක් ඉදිරිපත් කළ නමුත් එහි නිත්‍යනුකූල බලපත්‍රයක් නැතැයිද ඔවුහු කියති.
කඳු මුදුනක සඟවා සිටි බව කියන ඇත් පැටවා පහළට ගැනීමද අමාරු කාර්යයක් වු බවත් ගොව්වා මුදා ගැනීමට පැමිණි බව කියන පිරිස පැටවා සිටි ලොරිය යටට රිංගා එහි ඇන ගැලවීමට උත්සාහා කළ බවත් ඔවුහු අධිකරණයට දන්වා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව හොර අලියෙක් රත්නපුරෙන් අල්ලයි