IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තව සිසුවෙක් දුවද්දි මරුට

අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ මැරතන් තරඟයට එක් වූ 15 හැවිරිදි චමෝද් සත්සර ශිෂ්‍යයා මින් මද වේලාවකට පෙර මහ මග ඇද වැටී මිය ගියේය.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු කියති.

විදුහල්පති කේ වී ටී කරුණාරත්න මහතා පැවසුවේ මෙම ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයකට ද ඉදිරිපත් කළ බවත්, කිසිම ආබාධයක් නැති බව වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසු තරඟයට ඉදිරිපත් කළ බවයි.

miyagiya-chamod-sathsara

මියගිය  චමෝද්  සත්සර සිසුවා 

DSCN3018

DSCN3032 principal--J-VP-karunarathna

 



අදහස් (0)

තව සිසුවෙක් දුවද්දි මරුට

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:06 AM

පසුගිය රජයට පින් සිද්ධ වෙන්න රටේ දරුවන්ට හොද පෝෂණ ආහාර වේලක් ලබා දුන්න නිසා මෙහෙම වෙන්න විදිහක් නැහැනේ.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:07 AM

රටේ මුදල් ලක්ෂ ගණනින් ගස කාල අපිට ඉතිරි කරලා තියෙන්නේ මන්දපෝෂණයෙන් පිරුන අනාගත දරු පරම්පරාවක්.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 06 February 2015 11:08 AM

උදේට තේ කහට කෝප්පය බිලා ගෙදරින් යන අසරණ දරුවන්ට මොන ධාවන තරගද?(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 February 2015 11:09 AM

ලබා උපන් හැටි වෙන්න ඇති කියලා හිතමුකෝ.(හේ)

:       0       0

චාන්දනී Friday, 06 February 2015 11:31 AM

කිව්වත් වගේ මේ ළමයාගේ කුමක් හෝ සැඟවුන අබාධයක් තිබුනාද දන්නේ නැහැ. මින් කලකට පෙර හන්තාන කන්ද නැගී තරුණ දරුවෙකුත් මියගියේ හෘදය වස්තුවේ ආබාධයක් උත්සන්න වීමෙන්. දරුවාට නිවන් සුව පතමි. (නදී)

:       0       0

ජයසේකර Friday, 06 February 2015 12:06 PM

අනේ මෙහෙම රටක මිනිස්සු. මේ වෙලාවේ දේශපාලන දෝෂාරෝපණ නෙමෙයි. අකාලයේ මියගිය මේ පුතනුවන්ගේ දෙමා පියන්ට, පවුලේ අයට, පාසැලේ විදුහල්පති ගුරුවරුන් සිසු දරුවන්ට ශෝකය පල කිරීම කරන්න ඕනා. පුතේ ඔයාගේ කර්ම ශක්තියට අනුව ආයුෂ අවසන් නිසා ඔයාට යන්න උනා. සසර සරනා තුරු මෙවන් අඩු වයසෙන් මිය නොගොස්, ආයුෂ විද අවසාන නිවනෙන් සැනසේවා. (නදී)

:       0       0

අරුණ Friday, 06 February 2015 12:12 PM

හැම දෙයක්ම දේශපාලන ඇහෙන් බලන එක අපේ මෝඩ මිනිස්සුන්ගේ හැටි. (නදී)

:       0       0

සංජය Friday, 06 February 2015 05:55 AM

ළමයින් අවුරුදු 10 ඉදලවත් ක්‍රීඩාවට යොමුකළ යුතුයි . එක පාරටම මෙරතන් දුවන්න දෙන්න එපා.(හේ)

:       0       0

චන්දන Saturday, 07 February 2015 06:54 AM

පුතේ, ඔයාට නිවන් සුව! අම්මා තාත්තා සහ ඔයාගේ ආදරණීයන්ට මගේ හදපත්ලෙන්ම නැ‍ඟෙන ශෝකය !!!! (නි)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 07:10 AM

මීට වඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත්විය යුතුයි (දිල්)

:       0       0

සම්පත් Friday, 06 February 2015 07:22 AM

පුහුණුවක් නැති කම.(දිල්)

:       0       0

ශ්‍රීපාලී රත්නායක Friday, 06 February 2015 07:45 AM

සංජය, ඔබ ගේ අදහස ඉතා හොඳයි. ක්‍රීඩා තරංග පුහුණුවට පෙර තමන්ගේ සෞඛ්‍ය ගැන මීට වැඩිය කල්පනාකාරී වීම වැදගත්. ග්‍රාමීය පළාත්වලට නිසි පහසුකම් ලබාදීමට රජය පියවර ගත යුතුයි. දරුවාගේ දෙමාපියන් වෙත අපෙගේ බලවත් කණගාටුව පුද කරමු.(දිල්)

:       0       0

ඉන්දික Friday, 06 February 2015 07:56 AM

නිවන් සැප ලැ‍‍බෙිවා(දිල්)

:       0       0

කුමාර Friday, 06 February 2015 08:35 AM

දැන් ඉතින් කට්ටිය කියාවි පාසල්වල ක්‍රීඩාව නතර කළ යුතුය කියා.හැම කෙනෙකුටම වෛද්‍ය වාර්තාවක් තිබිය යුතුය. හැම පාසලකම වෛද්‍ය උපදේශක ඒකකයක් තිබිය යුතුය.(මෙඩිකල් සෙන්ටර්) (හේ)

:       0       0

දිලාන් Friday, 06 February 2015 08:48 AM

නුබට නිවනි සැප.(හේ)

:       0       0

නිෂාර්ඩ් ප්‍රීනා Friday, 06 February 2015 08:57 AM

ඒ කාලේත් පාසැල් වල සිසු දරු දැරියන් ක්‍රීඩා තරඟවල දිව්වා. මෙවැනි මරණ ගැන වැඩිය අහන්න ලැබුනේ නැහැ. අවුරුද 15 තරුණ දරුවෙක්. අපිටම වාව ගන්ට බැහැ. දෙමව්පියන්ට, පවුලේ සාමාජිකයින්ට, ගුරුවරුන්ට, යහළුවන්ට සහ යෙහෙළියන්ට කොහොම ඇත්ද. දෙමව්පියන්ට සහ පවුලේ සාමාජිකයින්ට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. පුතනුවනි ඔබට නිවන් සුව පතමි. (නදී)

:       0       0

නඳුන් Friday, 06 February 2015 09:00 AM

මමත් වයස 12 දි පාසැලේ 6 පන්තියේදි මැරතන් එකට දිව්වා සැතපුම් 9ක්. මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ මම 60 දෙනෙක්ගෙන් 15 වෙනියා උනා. මේක ඉතින් මෙයගේ වෙලාව. මනුසත් බවේ පින ඉවර දිනට යන්න වෙනවා. අද අප සැමගේත් වයසත් අනුව ඒ ඒ වයසින් මිනිසෙකු වීමේ පින ගෙවීයන බව මතක තියා ගමු. (නදී)

:       0       0

බන්දුල Friday, 06 February 2015 09:05 AM

මලල ක්‍රීඩා පිලිබඳ මනා පුහුණුවක් ඇති පුහුණු කරුවන් හම පාසලකටම අවශ්‍යයි. එ්ක යුගයේ අවශ්‍යතාවයක්. තත්ත්ව පාලනයක් නොමැතිව කරන පුහුණු කටයුතු වලින් සහ මනා පුහුණුවක් නොමැතිව තරග වලට සහභාගී වීමෙන් අතුරු ආබාධ වගේම අකාල මරණ පවා සිදු වෙන්න පුළුවන්. (නදී)

:       0       0

ශානිකා Friday, 06 February 2015 09:16 AM

දෙමවුපියන්ට මොන තරම් ලොකු වේදනාවක් ද මේ.(හේ)

:       0       0

කුමාර Friday, 06 February 2015 09:21 AM

දිගු දුර ධාවනය කියන්නේ බොහෝම ඉවසීමෙන්, තමන්ගේ හැකියාව තේරුම් අරගෙන ටිකෙන් ටික දියුණු වී ජය කරා යා යුතු ඉසව්වක්. එහෙම නැතුව යාලුවො පරද්දන්න කියලා වේගෙන් දිව්වා කියලා මැරතන් දුවන්න බෑ. ඒ දේවල් සමහරක් විට ගුරුවරු පවා කියලා දීලා නැතුව ඇති. ඉතාම කණගාටුදායක සිද්ධියක්. මේ දරුවා කවදා හෝ මුලු රටටම වටිනා කෙනෙක් වන්නට තිබුණා.(හේ)

:       0       0

අසේල Friday, 06 February 2015 09:57 AM

දැන් මේකට කාටත් දොස් කියලා වැඩක් නෑ.(හේ)

:       0       0

ජයත් Friday, 06 February 2015 09:57 AM

මේ ළමයාගේ මොකක් හරි සංජානීය ආබාධයක් තියෙන්න ඇති කවුරුවත් නොදැන .නැත්නම් මේ වයසේ ළමයෙක් මෙහෙම මැරෙන්න තියන ඉඩකඩ හුඟක් අඩුයි.(හේ)

:       0       0

සමන් Friday, 06 February 2015 09:57 AM

ඒක ඒ ළමයගේ වෙලාව.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site