IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තව මාස තුනකට බිත්තර ගේන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

රජයේ  වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය වෙළඳපොලේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා මඟින් මිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් තුනකින් මිල ගණන් කැඳවා ඇත.

එකී මිල ගණන් මත පදනම් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙලෙස බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.



අදහස් (3)

තව මාස තුනකට බිත්තර ගේන්න කැබිනට් අනුමැතිය

Devananda Rambukwelle Tuesday, 29 August 2023 02:50 PM

බිත්තර ගේන්න අනුමැතිය ගන්න ඕනේ. අනුමැතියක් නොමැතිව කුඩු ගේන්න අනුමැතියක් දීල ලංකාව කුඩු රජදහනක් කරලා.

:       0       0

Rohana Tuesday, 29 August 2023 04:54 PM

කෑමට ගන්න බිත්තරෙත් පිට රටින් ගේනවා. මෙහෙම කරල මේරට තවත් පල්ලමටමයි වැටෙන්නෙ.

:       0       0

Perakum Wednesday, 30 August 2023 01:49 PM

බිත්තර ව්‍යාපාරිකයින්ගේ මාෆියාව බිද දැමීමට සුදුසුම ක්‍රමය තමයි මේ. පුලුවන්නම් ටික කලකට රජය පාඩු ලබාගෙන හෝ ආනයනික බිත්තර කව අඩුවට දෙන්න බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site