IMG-LOGO

තව කුඩු කිලෝ 100ක් අල්ලයි

පකිස්තානයේ කරච්චි නුවර සිට ගෙන්වූ කන්ටේනරයක ඇඹරුම් යන්ත්‍ර තුනක් තුළ සගවා තිබූ හෙරොයින් කිලෝ සියයක් අද  (21) සවස ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

අඩි 20ක් පමණ දිග එම කන්ටේනරයේ තිබූ  යන්ත්‍රවල පයිප්ප තුනක සඟවා තිබූ හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 70කට අධික බව ගණන් බලා ඇත.

කන්ටේනරය ගෙන්වීයැයි සැකපිට කොළඹ ව්‍යාපාරිකයකු සහ නිශ්කාසන නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

තව කුඩු කිලෝ 100ක් අල්ලයි

සදුනි Tuesday, 22 July 2014 01:28 AM

කනගාටුවෙන් වුවත් නීරස වුණත් ඇත්ත පිළිගන්න වෙනවා. (නි)

:       0       0

චමින්ද Tuesday, 22 July 2014 02:05 AM

අපේ අය වතුරට වැඩිය කුඩු බොනවා වගේනේ (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 22 July 2014 02:19 AM

හිතාගන්න පුළුවන් කවුද කුඩු ගෙන්වන්නේ කියලා. මේවා අපේ මිනිසුන්ට හොඳ පාඩම් (නි)

:       0       0

ශීලා Tuesday, 22 July 2014 02:23 AM

ජයවේවා! ඔහොම යමු (නි)

:       0       0

බණ්ඩාර මල්ලි Tuesday, 22 July 2014 02:35 AM

සුනිල් ඔයාගේ කතාව ඇත්ත වෙන්න පුළුවන් , අපිට ඕනි හොද දේවල් වලින් ඇමෙරිකාවට වඩා හොද වෙන්න මිසක්, නරක දේවල් වෙලින් ඇමෙරිකාව පහු කරන්න නෙවෙයි. (අ)

:       0       0

බිංදු Tuesday, 22 July 2014 10:20 AM

මාධ්‍ය ආයතන සියල්ල හොඳ අවදානයෙන් ඉන්න ඕනෑ, මේ කුඩු ටික විනාශ කරනකම්. (නි)

:       0       0

නලින් Tuesday, 22 July 2014 02:49 AM

මෙහෙම යනකොට ලංකාව ආසියාවේ කුඩුස්චර්ය බවට පත්වෙනවා.(අ)

:       0       0

රකිත් Tuesday, 22 July 2014 03:08 AM

ඇඹරුම් යන්ත්‍ර නිදහස් කරන්න කියලා තවම ලියුමක් ඇවිල්ලා නැද්ද?(අ)

:       0       0

කණ්ඩු Tuesday, 22 July 2014 03:15 AM

කුඩු අල්ලන නිසා අපි දන්නවා ඉස්සර ඇල්ලුවෙත් නැහැ අපි දන්නෙත් නැහැ (අ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 July 2014 10:52 AM

කෝටි, ප්‍රකෝටි ගණන් වලින් කුඩු අල්ලනවා. මේවා ගෙන්වන කවුරුහරි ලංකාවේ ඉන්නවනේ. කෝ ඔහුන්ගේ නම් ගම් එළියට එන්නේ නැද්ද? (නි)

:       0       0

පද්මිණි Tuesday, 22 July 2014 11:08 AM

ලේ කිරි කර දී සෙනෙහසින් හදපු රත්තරන් පුතා කුඩු උරන්නෙක් වෙන්නට දෙනවාද ලංකාවේ රත්තරන් අම්මාවරුනේ? මේවාට අම්මාවරු වන අපේ සියොළඟ ගිනි ගන්නවා. කාටද මේ පණිවුඩය දෙන්නේ? (නි)

:       0       0

නිමල් Tuesday, 22 July 2014 03:50 AM

අපේ රට දැන් කුඩු ලංකාව වෙලා. (අ)

:       0       0

සමීර Tuesday, 22 July 2014 04:03 AM

මේවට විසදුමක් දීමට තියා කතාකිරීමටවත් සංවිධාන බිහිනොවීම අපිට දුකකි. (අ) ........

:       0       0

ආනන්ද Tuesday, 22 July 2014 04:18 AM

කුඩු මුදලාලිට මරණ දඬුවම දිය යුතුයි. (අ)

:       0       0

එරංග Tuesday, 22 July 2014 04:24 AM

ඇයි මේක ගෙනාවේ හරිම ලැජ්ජයි (අ)

:       0       0

චමින්ද Tuesday, 22 July 2014 04:25 AM

කවදා අවසානයක් දකින්නද?.. (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 04:33 AM

ඉස්සර රටට යම් අගතියක් වෙනවනම් රට බේරා ගැනීමට ඉදිරියෙන්ම සිටියේ අපේ ගරුතර සංඝයා වහන්සේලායි! (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 04:33 AM

පෙරේරා.මමත් ඔබගේ මතයේ ඉන්න රටවැසියෙක්.(අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 04:35 AM

කුඩු වසන්ගතයෙනුත් රට බේරා ගැනීමට පුළුවන් එකම නායකයා ජෙනේරල් ෆොන්සේකා පමණයි.ඒ සදහා මාස 3 නක කාලයක් හොදටෝම ප්‍රමාණවත්.(අ)

:       0       0

ප්‍රසාද් Tuesday, 22 July 2014 05:06 AM

නෑ නෑ මේ කස්ටම් එකේ මහත්වරැන්ට වැරදිලා. මේ පාන් පිටිනේ. (අ)

:       0       0

හේරත් Monday, 21 July 2014 01:43 PM

අයියෝ! මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:36 AM

ඕව පස්සේ තේ කුඩු වෙයිද දන්නේ නැහැ.පොඩ්ඩක් විමසිල්ලෙන් ...(අ)

:       0       0

තිලකරත්න Tuesday, 22 July 2014 01:11 PM

කුඩු ඇල්ලුවට වෙන දෙයක් නෑනේ. නඩුත් නෑ බඩුත් නෑ. (අ)

:       0       0

ප්‍රශාන්ත Tuesday, 22 July 2014 05:43 AM

කුඩු රට පුරා සුලභයි (අ)

:       0       0

නිහාල් Monday, 21 July 2014 02:03 PM

මේවාට නම් මරණීය දණ්ඩනයටත් එහා ගිය දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

සංජු Tuesday, 22 July 2014 05:47 AM

ආඩම්බරයි.. (අ)

:       0       0

හේරත් Monday, 21 July 2014 02:07 PM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

අසංක Monday, 21 July 2014 02:07 PM

මේ අවුරුද්ද ඇතුළත කුඩු කිලෝ 500 ට වඩා අල්ලා තියෙනවා නේද? මොනවද ඒවට කළේ? (නි)

:       0       0

තිලක් Monday, 21 July 2014 02:18 PM

මේ කීවැනි විශාල කුඩු තොගයද? අර පළමුවැනි කුඩු තොගය දැන් නැහැ වගෙයිනේ. (නි)

:       0       0

සිල්වි Tuesday, 22 July 2014 06:05 AM

.අනේ අපේ අනාගත තරුණ පරම් පරාව බේරා දෙන්න.(අ).

:       0       0

සඳු Tuesday, 22 July 2014 06:07 AM

දිගටම අල්ලන්න (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 22 July 2014 02:38 PM

මිනීමරු ප්‍රබාකරන්ට අවුරුදු 35 කදී කරන්න බැරි වුන විනාශයක් දැන් රටට සිද්ද වෙනවා.මොලේ තියෙනවනම් තේරුම් ගන්න පුළුවන්. (අ)

:       0       0

සහන් Thursday, 24 July 2014 09:09 AM

ඡන්දේ හින්දා එකසිය ගානට කුඩු අල්ලනවා වගේ. මොනවා උනත් කලින්ම ඡන්ද ප්‍රචාරක කටයුතු පටන් අරගන කියලා තමයි පෙනෙන්නේ. මේවා හොදයි චීන්නු රවට්ටන්න. මේවා බලල රැවටෙන සමහරකුත් ලංකාවේ ඉන්නවනේ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 06:43 AM

මේ යන ක්‍රමයට තව අවුරුදු 2-3 නක් ගියොත්,ඉදිරියේදී අපි අපේ දියණියකට මංගල යොජනාවක දැන්වීමක් දැම්මොත් දාන්න වෙන්නේ දේශපාලකයන්ගෙන් අතවරයක් නොවුන නිවසේම ආරක්ෂාකාරීව හැදුන අපගේ දියණියට "කුඩු නොගහන වැදගත් තරුණයෙක්" මව සොයයි කියල.සුබ අනාගතයක්.(අ)

:       0       0

සැමී Monday, 21 July 2014 03:07 PM

අපේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන ටිකක් හිතල මේවා ගැන සොයා බලන්න.(අ)

:       0       0

ගයාන් Monday, 21 July 2014 03:09 PM

ඕවට බිලි වෙන්නේ දුප්පත් කොල්ලෝ වැඩියෙන්ම. රේගුවට අපේ ප්‍රණාමය. ගෙන්නපු කුඩු රජා අල්ලන්න ඕනේ දැන්.(අ)

:       0       0

ගාමිණී - සිරි Monday, 21 July 2014 03:13 PM

එන පොට නම් හොඳ නැහැවගේ.පකිස්තානයත් ,ශ්‍රී ලංකාවත් භේද බින්න කිරීමට උත්සාහ දරන ජාවාරම් කාරයෝ ගැන දෙරටම පරීක්ෂාවෙන් සිටීම වැදගත් !! (අ)

:       0       0

ජගත් ලියනගේ Monday, 21 July 2014 03:21 PM

ලංකාව දැන් කුඩු තිප්පොළක් වෙලා. කාටද ආඩම්බර? (අ)

:       0       0

ජගත් ලියනගේ Monday, 21 July 2014 03:22 PM

ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. අල්ලන ඔය කුඩු වලට මොනවද වෙන්නේ? (අ)

:       0       0

අරුණ ශාන්ති Monday, 21 July 2014 03:23 PM

ආසියාවේ ආශ්චර්ය නේද හේරත් (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 21 July 2014 03:27 PM

ලංකාවේ කුඩු කිලෝ 50 හේ සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වන නිසා මේක සාමාන්‍ය දෙයක් වෙලයි තියෙන්නේ.රටකට ගිය කලක්. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 21 July 2014 03:28 PM

වෙලාවට කොමිස් මුදල බැංකු පොතට වැටෙනවානම් කුඩු නෙමෙයි මොනවා ගෙනහම මොකද? (අ)

:       0       0

රමේෂ් Monday, 21 July 2014 03:54 PM

මෙහෙම ගියොත් ලංකාව ඉවරයි (අ)

:       0       0

කේ.බී පෙරේරා Monday, 21 July 2014 04:06 PM

මගෙ අම්මෝ!! ලංකාවේ තියෙන කුඩු ! මෙහෙමත් රටක් !රට පහරයන්ට ගිහින් (අ)!

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 22 July 2014 07:24 AM

සිල්වි.කාගෙන්ද ඉල්ලා සිටින්නේ?(අ)

:       0       0

ලලිත් Monday, 21 July 2014 04:16 PM

කොයි මන්ත්‍රීෙග් පුත්‍රයාද ඡන්දෙ ඉල්ලන්න යන්නේ.(අ)

:       0       0

පැටින් Monday, 21 July 2014 04:16 PM

පාන් ගෙඩි හදන්න ගෙනල්ල තියෙන්නේ..(අ)

:       0       0

විමල් .. Monday, 21 July 2014 04:23 PM

බයවෙන්න එපා ඔය මිරිස්කුඩු වෙන්න ඇති. (අ)

:       0       0

උපුල් Monday, 21 July 2014 04:36 PM

මටනම් සනීප නෑ වගේ ......(අ)

:       0       0

නිහාල් විතානගේ Monday, 21 July 2014 04:40 PM

කුඩු යුද්දෙන් පැරදුනොත් ඔක්කොම සුන් .හෙට ඔබේ දරුව ,සහෝදරයා වෙන්න පුළුවන් . ජනතාව.උපරිමව සහය දෙන්න .ඔත්තු මුදල් වැඩි කිරීමත් හොඳයි.(අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 22 July 2014 07:45 AM

මේකද ආසියාවේ ආශ්චර්ය? මේ විනාශය නවත්වන්න බැරිද? (නි)

:       0       0

නිහාල් Monday, 21 July 2014 04:53 PM

හේරත් ලංකාවෙද ? (අ)

:       0       0

මහේෂ් කොඩිතුවක්කු Monday, 21 July 2014 05:12 PM

දැන් කුඩු අහුවෙන්නේ පාන් පිටි වගෙනේ (අ)

:       0       0

පෙරේරා Monday, 21 July 2014 06:18 PM

සරත් ෆොන්සේකා මහතාණෙනි, මේ භයානක කුඩු ජාවාරම නැතිකරන්න උපකාරි වන්න. (නි)

:       0       0

ධම්ම Monday, 21 July 2014 06:26 PM

අල්ලන හින්දා අපි දැනගන්නවා. මේවා නොඇල්ලූ කාලයකුත් තිබුන බව අමතක කරන්න එපා. (නි)

:       0       0

සුනිල් Monday, 21 July 2014 06:36 PM

මම මෙහෙම ලිවුවට තරහවෙන්න එපා. ලංකාව වගේ පුංචි රටකට කුඩු කිලෝ 100ක් 200ක් ලොකු ගණනක් වුණත් ඇමෙරිකාවට යුරෝපා රටවලට කුඩු එන්නේ ටොන් ගණනින්. ගෙනෙන්නේ සබ්මැරින් වලින්. (නි)

:       0       0

මාලිකා Monday, 21 July 2014 06:59 PM

අනේ මගේ ලංකාව! (නි)

:       0       0

සුමුදු Tuesday, 22 July 2014 08:05 AM

ආනන්ද , කුඩු මුදුලාලිල ටික ඔක්කොම මැරුවොත්, පර්ලිමෙන්ට් එකේ ඉතුරු වෙන්නේ බොහොම ටිකයි.එහෙම වුණොත් අපිට ඡන්දෙ දෙන්න කෙනෙක් නැති වෙනවා නේ. (අ)

:       0       0

මිලාන් Tuesday, 22 July 2014 06:59 PM

මේවට මරණ දඬුවම තමයි හොඳම (නි)

:       0       0

චතුරංග Monday, 21 July 2014 08:11 PM

මට නම් මේ මදි. තව තව ගෙන්වන්න (නි)

:       0       0

දිල්ෂාන් Monday, 21 July 2014 08:27 PM

අනේ අනිච්චං! (නි)

:       0       0

රොහාන් Monday, 21 July 2014 08:44 PM

අනේ එන්න එන්න, අපෙනුත් කුඩු ටිකක් ගන්න...... කුඩු ලාභයි ලාභයි.... (නි)

:       0       0

චන්දු Tuesday, 22 July 2014 08:37 AM

මාරයි.එල එල (අ)

:       0       0

චමින්ද Wednesday, 23 July 2014 10:17 AM

කුඩු කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ ඒවා නැවත සමාජයට මුදා හරිනවා නම්. (නදී)

:       0       0

ජී.එම්.ලියනාරච්චි Tuesday, 22 July 2014 08:51 AM

කොලොන්නාවට යන බඩුද මේ ? (අ)

:       0       0

චන්ද්‍රා Monday, 21 July 2014 11:11 PM

හෙට අනිද්දාට කියයිද දන්නෙ නැහැ ඒවා කුඩු නොවේ කියලා? ඔහොම යමු (නි)

:       0       0

මොහොමඩ් හසාර් Wednesday, 23 July 2014 11:05 AM

තව කන්ටේනර් 100 ක කුඩු ටො‌න් ගනන් ආ‌වත් ආ‌වේ කාටද කියලා හො‌යාගන්න බැරි මත්ද්‍රවය නාශක කාර්යාංශය හො‌ඳයි යකඩ ටිකක් අහුලගෙන ඒ‌ක විකුනල කුඩු ගහන අහිංසක හෙරො‌යින් වින්දිතයන් බන්ධනාගාරය නමැති නිදහසේ කුඩුගහන්න පුලුවන් තැනකට යවලා මහා ලො‌කු රාඡ කාරියක් කලා යැයි කාඩ් බෝ‌ඩ් වීරවරයන් වෙන්නයි (නදී)

:       0       0

තුවාන් Monday, 21 July 2014 11:38 PM

මෙච්චර කුඩු ගෙනැවිත් කාටද මේ විකුණන්නේ? අපේ රටේ තරුණ පරපුර මින් බේරාගන්න ඕනෑ. හැමදාම වගේ මේකත් ප්‍රවෘත්තියක් පමණක් වෙයිද දන්නේ නැහැ. අල්ලන වැරදිකරුවන්ට දුන් දඬුවම් මොනවද කියලා රටට හෙළිවෙන්නේ නැහැ. අල්ලපු කුඩු වලට මොකද වුණේ කියලා හෙළිකරන්නේත් නැහැ. තොරතුරු දැන ගැනීමට අයිතියකුත් නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 22 July 2014 12:05 AM

ලංකාව ආසියාවේ කුඩු බෙදාහරින මධ්‍යස්ථානය කියන කතාවේ ඇත්තක් තිබෙන බව පෙනෙනවා. මෙතරම් මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන්න නිකම් මිනිසුන්ට බැහැ. මේවායේ පසුපස ඉන්න අය ගැන කියන්න බොහොම දෙනෙක් බයයි. නැත්නම් අකමැතියි. (නි)

:       0       0

ධනු Tuesday, 22 July 2014 09:16 AM

අල්ලන දේවල් වගේම ඕවට වෙන දේවලුත් හොයලා කිව්වා නම් නේ හොද.? (අ)

:       0       0

චන්ද්‍රසේන Tuesday, 22 July 2014 01:10 AM

අත්අඩංගුවට ගන්නවා විතරයි, මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 82 0

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 148 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 367 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 566 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1385 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 320 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1408 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1610 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site