ඉන්දියාවේ සිට මෙරට මුස්ලිම් ආගමික නායකයෙකු ගෙන්වීමට බාධා කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් ආගමික සංවිධානයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 15 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) දින නියම කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
තවුෆික් ජමාත් සංවිධානයේ සභාපති සහ ලේකම්වරයා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, ආගමන විගමන පාලක, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ශුද්ධවූ කුරානයේ සිංහල පරිවර්තනයක් එලි දැක්වීමේ උළෙලක් පසුගිය වසරේ නොවැම්බර් 8 වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවත්, එම උත්සවයට ඉන්දියාවේ තමිල්නාඩුවේ ආගමික නායකයින් වන හනීෆා මොහොමඞ් යූසුෆ් තවුෆික් සහ ඇතුළු තිදෙනෙකු ගෙන්වීමට සූදානම් කොට තිබියදී ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ට වීසා නිකුත් කිරීම අවලංගු කරන ලෙස ආගමන විගමන පාලකයින්ට දැනුම් දුන් බව සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවුෆික් ජමාත් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මොහොමඩ් රිස්ම් Monday, 15 February 2016 08:43 PM
මොහොමඩ් යුසුෆ් තව්ෆික් අන්තවාදයේත් (බ)
සමන්ති Monday, 15 February 2016 08:54 PM
විසා නිකුත් කිරීම හෝ නොකිරීම ආගමන පාලකගේ කාර්යයක්. එයට අප අවනත විය යුතුයි. (බ)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 15 February 2016 11:09 PM
සිංහල වේවා,දමිල වේවා, මුස්ලිම් වේවා, මොනම අන්ත වාදයකටවත් අපේ රටේ ඉඩක් නොදිය යුතුය...පිටිපස්සේ ඉන්නේ වෙනත් බලවත් යයි කියා ගන්න රටවල කුරිරු පාලකයෝ...රටේ නැති ප්‍රශ්න ඇති කරන මේ අන්තවාදීන් වහාම පලවා හැරිය යුතුයි...(බ)
එරන්ද Monday, 15 February 2016 11:16 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
යෝනක Tuesday, 16 February 2016 12:15 AM
මේවට අපි ඉතින් මොනවා කියන්නද? නිශ්ශබ්දව බලාගෙන ඉඳිමු (නි)
ප්‍රසන්න Tuesday, 16 February 2016 12:59 AM
අර බුරුම හාමුදුරු නමක් එනකොට මැරෙන්න හැදුවේ? (බ)
විජේසුන්දර Tuesday, 16 February 2016 06:44 AM
සුදුසු දෙයක් වෙයිනේ.... (නි)
හිමාල් Tuesday, 16 February 2016 01:09 AM
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මටත් (නි)
දිසානායක Tuesday, 16 February 2016 01:19 AM
ලේකම්තුමා ගත් තීරණය හරි. (නි)
නෞෂාඩ් Tuesday, 16 February 2016 01:56 AM
මෙම කණ්ඩායම ගැන බුද්ධි අංශ හැමතිස්සෙම අවධානයෙන් සිටිය යුතුයි. ආරක්ෂක අමාත්‍යාංශය දන්නවා ඒගොල්ලෝ කරන්නේ මොකක්ද කියලා. ලංකාවේ ප්‍රශ්න ඇතිවෙන කිසිම දෙයක් කරන්න කාටවත් ඉඩදෙන්න එපා. (නි)
අබ්දුල් Tuesday, 16 February 2016 02:20 AM
ලංකාවේ ආගම සම්බන්ධ විද්වතුන් සිටියදී ඉන්දියාවෙන් ගෙන්වන්නේ මොකටද? (නි)
ගුණතිලක Tuesday, 16 February 2016 02:32 AM
අපි සියළු ආගම් වලට ගරුකළ යුතුයි (නි)
මර්වින් Tuesday, 16 February 2016 02:32 AM
අපි මේවට අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
තිලිණ Tuesday, 16 February 2016 11:03 AM
ගුණතිලක, මම මගේ ආගමට හැර අන් කිසිදු ආගමකට ගරු නොකරමි. මා ගරු කරන්නේ ඔබට ඔබේ ආගම ඇදහීමට ඇති නිදහසට පමණි. (බ)
සුගන්ධ Tuesday, 16 February 2016 02:43 AM
කලබලනොවී ඉවසීමෙන් වැඩකිරීමයි වැදගත් (නි)
හේවගේ Tuesday, 16 February 2016 03:00 AM
තහනම් කරන්නේ සාධාරණ හේතු ඇතුවයි. (නි)
රිහාන් Tuesday, 16 February 2016 04:16 AM
ලේකම් තුමනි ඔබේ තීරණය හරි නොසැලී ඉන්න (ම)
නිශාස් Tuesday, 16 February 2016 04:30 AM
මේ වගේ දේවල් හින්දා ඉස්ලාමය ගැන වැරදි අදහසක් මිනිසුන්ට එන්න පුළුවන් කියලා මට හිතෙනවා (නි)
දයානි Tuesday, 16 February 2016 04:31 AM
මේගොල්ලෝ නේද පසුගිය දිනවල ලංකාවේ කලබල ඇතිකළේ? සමහර හාමුදුරුවෝ මේ අසාධාරන වලට එරෙහිව නේද නැඟීසිටියේ? (නි)
සුපුන් Tuesday, 16 February 2016 04:36 AM
අපි සියළු ආගම් වලට ගරුකරන්න පුරුදුවෙමු (නි)
ජයවර්ධන Monday, 15 February 2016 06:10 PM
යම් තීරණයක් ගන්නේ බොහෝ දුර සිතාබලානේ. එනිසා මේ තීරණය ගැන අපි විවේචන කළයුතු නැහැ (නි)
සේන Tuesday, 16 February 2016 05:13 AM
අලුත් වියවස්තාව සැදීමේදී ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මානව හිමිකම් නඩු දාන්න බැරි විදිහට හැදිය යුතුය් - මේවා දුර දිග ගියොත් ඕනෑම ත්‍රස්තවාදියෙක් ලංකාවට ගෙන එන්න ඉඩ තියෙනවා. (ර)
සිසිර- අබුඩාබි Monday, 15 February 2016 06:43 PM
තවුෆික් ජමාත් සංවිධානය හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඩුබායි වල පන්සලක් ඇරියා කියලා කිසිම අරාබිවැසියෙක් උද්‍ඝෝෂණ කළේ නම් නැහැ. යුරෝපයේත් හැම නගරයකම පන්සල් තිබෙනවා. (නි)
ලියොන් ගුනවර්ධන Monday, 15 February 2016 07:16 PM
අප පුංචි රටේ සාමය පලුදු වන කරුණු රැසක් මතුවන බවට භයක් දැනේ (රේ)