IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ

(ෂේන් සෙනෙවිරත්න)

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අනිවත්තේ පිහිටි එම නිවසේ ගරාජය පරීක්ෂා කිරීමේදී එම රථ දෙක රහසිගත ලෙස සඟවා තිබියදී එසේ අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම මෝටර් රථ දෙක නීතියානුකූල නොවන ආකාරයට වරායෙන් පිටකළ මෝටර් රථ දෙකක් බවට පොලිසිය සැක කරන අතර එම මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමටද නියමිතය .



අදහස් (6)

තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ

සෙනෙවිරත්න Sunday, 20 October 2024 09:36 PM

රත්තරන්ගේ බෑන නේද? මතකයි පහුගිය දවස්වල ⁣මාලිමාව දීපු පොරොන්දු මකත් කරමින් හොරු අල්ලන පොරොන්දුව ⁣අමතක වෙලා වගේ දෙනව කියපුව කරගන්න බලය ඉල්ලුවා, හැබැයි හොරු අල්ලන පොරොන්දුව අමකත කළා මතක්වෙන කොට බඩ යන නිසා.

:       0       4

SIRI Monday, 21 October 2024 03:14 AM

ගොඩක් දෙනාට දැන් හීන් දාඩිය දානවා ඇති නේද අබිලිං ? මහ මැතිවරණය ඉවර වුණාට පස්සේ හොඳ සෙල්ලං බලන්න පුළුවන් වෙන හැඩයි...

:       0       3

Rama Monday, 21 October 2024 05:29 AM

අනේ රත්තරනේ කියලා තමයි කියන්න තියෙන්නේ. පහුගිය කාලේ කිව්වා අම්මා කිව්ව නිසා මහින්ද රාජපක්ෂ අත හැරලා රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වුණා කියලා. අපරාදේ අම්මාගේ සාත්තරේ වැරදුනා. කියන්න තිබ්බේ අනුර කුමාර දිසානායක එක්ක එකතු වෙන්න කියලා.

:       4       39

අරවින්ද මොනරවිල Monday, 21 October 2024 09:18 AM

කෝ හොරු ඇල්ලුවාද කිය කියා කෑ ගැහුව මහත්වරුන්ට දැන් හැංගෙන්න තැන් හොයා ගන්න වෙනවා.

:       8       46

S. UddaMonday, 21 October 2024 10:23 AM

ඔය හොරා ගැන ඉස්සෙල්ලාම කිව්වේ චමල් රාජපක්‍ෂ. ඒ අවුරුදු 10ක් වගේ කාලෙකටත් ඉස්සර​. ඒ වෙලාවේ පොලිසියෙන් හරි CID එකෙන් හරි ප්‍රශ්න කරන්න එනකොට නයෙක් ගැහුවා කියලා කලුතර රජයේ රෝහලට ඇතුල් වෙලා හිටියා. පුදුමයි අරවින් ද මොනරවිල පාම්බු කතාව අහලා නැති එක ගැන​.

:       3       17

ඇන්ඩ්රු සෙබඩවිලMonday, 21 October 2024 10:50 AM

අල්ලපු හොරාගේ නම දන්නවා අපි කියන්නේ නෑ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site