IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි

 

 

 

 

 

( සුමිත් පොතුපිටිය  , උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ගයාන් සුරියආරච්චි)

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට  වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.

රත්නපුර, කලවාන ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් වාහන එකලස් කර කූඨ ලේඛන සුඛෝපභෝගී වාහන අලෙවි කරන බවට  ලද තොරතුරක් මත  පොලිස් කණ්ඩායම් දෙකක් වැටලීම කර වාහන කලවාන පොලිසියට ඉදිරිපත් කර තිබේ .

එම වාහන වල  චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවත්,  කූඨ ලේඛන සකසා ලියකියවිලි වෙනස් කට ඇති බවත් පොලිසිය කීය.

ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කිරීමේදී ක්ලාන්ත ගතියෙන් බිම ඇදවැටී රත්නපුර රෝහලට ඇතුලත්  ඇති බවද පොලිසිය සදහන් කරයි.

මෙසේ වාහන නීති විරෝධී අන්දමින් එකලස් කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් සිදුකරන බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සදහන් කරයි.



අදහස් (9)

තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි

de silva Monday, 03 February 2025 11:47 AM

මිනිස්සු ඔය කියන කුට ජාවාරම් වලට යොමු වෙන්නේ වාහන වලට අසාමාන්‍ය විදිහට බදු ගහන නිසාය ,අද ලංකාවේ වහනයක් ගන්න එක්කෝ හොරකම් කරන්න ඕනේ එහෙම නැතිනම් පිනට ලැබෙන්න ඕනේ , සාමාන්‍ය රක්ෂාවක් කරලා වාහන ගන්න එක බොරු

:       12       79

ගුණරත්න Monday, 03 February 2025 12:15 PM

ඔවු සාමාන්‍ය කාර් එකක් කෝටියක් විතර වෙනකොට රුපියල් 50,000 බේසික් එකක් ගන්න මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක හීනයක්, අඩුම ගානේ ඉන්දියන් මෝටර් සයිකල් එකක්වත් ගන්න අමාරුයි.

:       6       40

Nalin WanisekaraMonday, 03 February 2025 03:40 PM

50000 ක පඩියක් අරගන වාහන ගන්න බෑ වාහන ගන්න නම් අඩු තරමේ ලක්ෂ 2 ක වත් වැටුපක් තියෙන්න ඕනෙ. ලක්ෂ දෙකක වැටුපක් නිකන් මිනිහෙකුට දෙන්නෙ නෑ. එක්කො හොදට ඉගන ගන්න ඕනෙ. නැත්තම් මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ. දැන් ඔය යුරෝපෙට යන මිනිස්සු කොච්චර මහන්සි වෙනවද සල්ලි හොයන්න ඒ ගොල්ලෙ දවසට පැය 16 විතර වැඩ කරල තමයි එහෙ හොද ජීවිත ගත කරන්නෙ.

:       4       29

SiriTuesday, 04 February 2025 06:44 AM

හැමදාම බෑ බෑ කිය කිය හිටියොත් බෑම තමා. ලංකාවෙම පොඩි වාහන හදන්න අඩුවට හදන්න සුළුවෙන් හරි පටන් ගන්න ඕන.

:       0       0

udaya Monday, 03 February 2025 01:10 PM

මේවා තව ඉස්සහරට දෙගුණ තෙගුණ වෙයි බජට්ම වාහනයකුත් කෝටියක් විතර වෙනකොට සාමාන්‍ය මිනිහෙක්ට ජොබ් එකක් කරලා ජීවිත කාලේදී වාහනයක් ගන්න බැහැ. ඉදිරියේදී ඉන්දියාවෙන් වාහන කොටස් බෝට්ටු වලින් ගෙනත් ලංකාවේ එකලස් කරලා දුවන්න ගන්න ඉඩ තියෙනවා. වාහන වල අධික මිලෙත් සීමාවක් තියෙන්න ඕනෑ...

:       8       24

Wahana hora Monday, 03 February 2025 01:25 PM

අන්තිම පින්තූරේ තියෙන සුපිරි වාහනේ තමයි වැඩිම වටින්නෙ.

:       3       43

යෝගා Monday, 03 February 2025 01:38 PM

පොලීසිය වාහන පස්සේ විතරක් එලවන්නේ පාතාලයයි කුඩු මුදලාලිලයි ඇමතිලගෙ සාක්කුවල නිසාද? මිනී මැරුම්, මත්ද්‍රව්‍ය වැහිවැහැලා. ෆේල් ආණ්ඩුව ඇස් කණ් පියාගෙන ඉන්නවා.

:       21       27

ලක්විදු Monday, 03 February 2025 04:26 PM

මේකෙ කමෙන්ට්ස් දාන සම හරක්ට තේරෙන්නෙ නෑ හොරැ සහ හොර බඩු ඇල්ලීම පොලීසියෙ වැඩක් මිස ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි කියල. එකම වෙනස කලින් ආණ්ඩු පොලීසියට නිදහසේ ඒක කරන්න දුන්නෙ නෑ, මේ ආණ්ඩුව ඒකට බාධා කරන්නෙ නෑ. මෝඩකමද කුහක කමද මන්දා..?

:       9       31

රම්සි Monday, 03 February 2025 08:22 PM

මේ යෝගා කියන මනුස්සයගේ කමෙන්ට්ස් මම දකිනවා. මොකක්හෝ යම්කිසි බුද්ධි වර්ධනයේ අඩුවක් තියන බව පේනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 16 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site