
මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අවධාරණය කළේය.
ඉරානය සහ ඊශ්‍රාලය මින් ඉදිරියට යුද්ධයක් ඇතිවිය හැකි කිසිදු පියවරක් නොගත යුතු බවද මහ ලේකම්වරයා ආරක්ෂක කවුන්සියල අමතමින් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ඊශ්‍රායලයේ ඉල්ලීම පරිදි ආරක්ෂක කවුන්සිලය රැස්වූ අතර ඉරානය එල්ල කළ ප්‍රහාරය හෙළා දකින ලෙසත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඊශ්‍රායලය එහිදී ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කළේය.
රැස්වීමේදී ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය පමණක් නොව, ඊශ්‍රායලය ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කර ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හෙලා දුටුවේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි
Bunny Preena Monday, 15 April 2024 02:00 PM
ශිෂ්ඨාචාරයෙන් ඔබ්බට ගිහිල්ලා අපි යුද කරගනිමු, ගහමරා ගනිමු, අවසානයේ අපි සියලු දෙනාම විනාශ වෙමු...
Malika Tuesday, 16 April 2024 10:24 AM
මේ මිනුසුන්ට පහු ගිය කාලේ කෝවිඩ් වසංගතේදී වත් ජීවීතේ ගැන අවබෝධයක් නොලැබුණ හැටි. දියුනු ජාතියක්ලු. ඒත් අධ්‍යාත්මිකව පිරිහුනු අය.