IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන

(රෝෂන් තුෂාර)

ඉසිමග ඉන්ටර්නැෂනල්  පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන් අට දෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරණු දක්වමින් අද(08)පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සමාගම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්,සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන  කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගොස් ඇති මෙම මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් අගතියට පත් තැන්පත්කරුවන් රැසක් පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වහා අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විමර්ශණ  ගොනුව බහාතැබීමට නියෝග කළාය.



අදහස් (4)

තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන

m. saman perera Wednesday, 08 January 2025 06:48 PM

මේවට අහුවුණේ, ඉක්මණට පෝසත් වෙන්න ගිය දුප්පත් මිනිස්සු.

:       0       11

බකල ජයා උපාසක රාල Wednesday, 08 January 2025 07:34 PM

හොරෙන් උපුටාගැනීමකි: "ආනන්ද සර්පයා දුටුවාද?"

:       0       8

දසුන් Wednesday, 08 January 2025 08:21 PM

මෙවැනි පිරමීඩ ගැන තොරතුරු දෙන්න නම්බර් එකක් දාන්න...

:       0       10

ජිල්බු Thursday, 09 January 2025 01:18 PM

මේ සමාගම් වෙන හැඩේකින් එන්නෙම නැද්ද? පීරමීඩ ෂේප් එක දැන් හරිම බෝරිං.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site