බී.බී.සී ඇසුරිනි - 055
ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට ආධාර කරන බවට නේටෝ සංවිධානය එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.
''රුසියාව ඇත්ත වශයෙන්ම අන්තවාදී කණ්ඩායමට උදව් කරනවා" යැයි වොෂින්ටන් නුවරදී ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි පැවැසීය.
එම චෝදනා සියල්ල අසත්‍ය බව ඇෆ්ගනිස්තානයේ සිටින රුසියා විශේෂ නියෝජිත ෂමීර් කබුලෝව් කීවේය.
තලේබාන් සංවිධානය සාකච්ඡාවලට කැඳවා ගැනීම සඳහා ඔවුන් සමඟ තිබෙන සබඳතා සීමා කර තිබෙන රුසියාව මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කළේය. රුසියාව තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අතර 1990 වසරේ පැවැති සිවිල් යුද්ධයේදී රුසියාව තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ උතුරු මිත්‍රත්ව හවුලට සහයෝගය දුන්නේය.
කෙසේ නමුත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට එරෙහිව කරන සටනේදී තලේබාන් සංවිධානයේ සහ තම අරමුණු එකිනෙකට සමපාත වන බව රුසියාව සඳහන් කළේය.
ඒ කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ හමුදා සේවා කමිටුව ඉදිරියේ අදහස් දක්වමින් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ යුරෝපයේ උත්තරීතර සම අණදෙන නිලධාරී ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි තලේබාන් සංවිධානයට සහයෝගය දෙන බවට රුසියාවට චෝදනා කළේය. ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි ඇමෙරිකා හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයකුද වේ.
''මෑතකාලීනව රුසියාව තලේබාන් සංවිධානයට සහයෝගය දක්වන බව මට පෙනී ගොස් තිබෙනවා. සමහර විට ඔවුන් ආයුද සපයනවා වෙන්නත් පුළුවන්" යැයි ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි සෙනට් සභාව හමුවේ කීවේය. කෙසේ නමුත් ජෙනරාල්වරයා එම තොරතුරට සහාය වන වෙනත් කිසිදු තොරතුරු හෝ සාධක ඉදිරිපත් කළේ නැත.
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් සංවිධානයට ආධාර කිරීම ගැන ඇමරිකානු රුසියානු මත ගැටුමක්
sam Sunday, 23 April 2017 07:19 AM
"කලකදි රස කලකදි වස වෙනවාලු" කියන්නේ මේකට තමයි. රුසියාව 70 දශකයේ ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කරනකොට ඊට එරෙහිව ඇමරිකානු සහයෝගෙන් බිහි වෙච්ච ඒවා තමයි මුජහදීන්, තලෙයිබාන් සහ අල්කයිඩා.... ඇමෙරිකාවෙන්ම දීපු ආයුධ වලින් තමයි තවමත් ඔවුන් ඇමරිකාවට ගහන්නේ.