නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස තිලංග සුමතිපාල මහතා අද (3) වැඩ බාරගත්තේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී වැඩ බාරගනිමින් ඔහු පැවසූවේ ජනතාවගේ කර්තව්‍යයන් වෙනුවෙන් සියලු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි.
එම අවස්ථාවට වැඩම කර සිටි හුණුපිටිය, ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්බඩ ඥානිස්සර නාහිමියෝ ඇතුළු සඟරුවන පිරිත් දේශනා කර සෙත් පැතූහ.
කතානායක කරු ජයසූරිය, හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
නව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාද අද පෙරවරුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී වැඩ බාරගත්තේය.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද කරුණාතිලක මහතා වැඩ බාරගත්තේය. රාජිත සේනාරත්න, රවී කරුණානායක, වසන්ත සේනානායක, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, අර්ජුන රණතුංග, එස්.එම්.මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිලංග/ගයන්ත වැඩ බාරගනිති
අතුල Thursday, 03 September 2015 08:53 AM
ඔය තිලංග මිනිස්සු එපා කියපු කෙනෙක් මොකටද මේවගේ තානාන්තර දෙන්නේ?? (ම)
හේමන්ත Thursday, 03 September 2015 08:56 AM
හිතා ගන්න බෑ මේ මොකද වූනේ කියලා.(හේ)
සමීර Thursday, 03 September 2015 09:23 AM
ලංකාවටම ආවේනික යහපාලනය (ම)
සනත් ඉන්දික Thursday, 03 September 2015 12:45 PM
තවම පටන් ගත්තේ නැහැ. බලාගෙන ඉන්න ඉදිරියට වෙන දේ (නි)
අමිල Friday, 04 September 2015 03:34 AM
ගයන්ත, ඔබට අපගේ සුභ පැතුම්.(අ)
මැටිපහන Thursday, 03 September 2015 08:10 AM
මෙයා පාර්ලිමේන්තු යන ගමන් ඔට්ටුවකුත් දාලමද දන්නේ නෑ යන්නේ නේද? (බ)
පාලිත Thursday, 03 September 2015 08:14 AM
තිලංග, ඔබේ කාර්යය හොඳින් ඉටුකරන්න (නි)