පිළියන්දල බෝකුන්දර දී ත්‍රී රෝද රියක් කන්ටේනරයක හැපී ගාල්ලේ වංචාවල කාන්තාවක් මියගොස් පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. නෑයකුගේ දියණියකගේ මල්වර මගුලට ඇවිත් ආපසු ගාල්ලට යමින් සිටියදී මෙම අනතුර සිදුවිය. තුවාල ලැබූ පිරිස අතර අවුරුද්දක දරුවකු ද සිටියි.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රී රෝද රිය කන්ටේනරයේ හැපී චප්පවේ
ලුම්බිණි Wednesday, 08 May 2013 10:50 AM
මම හැමදාම කියනවා වගේ මේ වෙලාවෙත් කියන්නේ ත්‍රී රෝද රථ ප්‍රධාන පාර වලින් අයින් කල යුතු කියලයි. එහෙම කලොත් ජීවිත ගොඩක් බේරා ගන්න පුළුවන්.(ස)
වරුණ Wednesday, 08 May 2013 11:02 AM
අයියෝ සංසාරේ..(ස)
ගයන්ත Wednesday, 08 May 2013 11:18 AM
ඉස්සර මෙ වගෙ වැඩක් වුණා නම් රියදුරුගෙ පිටේ නෙවෙයි වැරැද්ද, අර අහින්සක ගෑනු ලමයගෙ මල්වර නැකත කියලයි කියන්නේ. ඇති යන්තන් අපේ සංහල කට්ටිය දැන් ටිකක් බුද්ධිමත්! (නි)
නිශාන්ත Wednesday, 08 May 2013 11:47 AM
මමත් ගාල්ලේ වංචාවල. දැන්නම් ඉන්නේ ඩුබායි. පුංචි වාහනෙකට ඔරොත්තු නොදෙන පිරිසක් ඉන්නකොට හදිසියකදී පාලනය කරගන්න බැරි වෙනවා. මේකට නීතියක් ගෙන්න ඕනෑ. අපිත් ලාබෙට ඔක්කොම එකට යනවා. අනතුරක් වුණොත් ඔක්කොම ජීවිත නැති වෙනවා. මියගිය කෙනාට නිවන් සැප ලැබේවා! තුවාල වුණ අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
දයා අළහකෝන් Wednesday, 08 May 2013 11:57 AM
ත්‍රී රෝද රථය ලංකාව ඇතුළත සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි (නි)
රිස්වාන් ඩුබායි Wednesday, 08 May 2013 12:19 PM
අලියාට අලියාගේ තරම දන්නේ නැතිලු. ඒ වගේ තමා ත්‍රි රෝද රථ රියදුරොත්. (නි)
ප්‍රිස්කෝ Wednesday, 08 May 2013 01:17 PM
දයා අළහකෝන් සමග 100% එකගයි (නි)
බුද්ධි Wednesday, 08 May 2013 09:01 AM
සෙනසුරු අපලයක් වෙන්න ඇති. නැත්නම් එලියට බැහැලා තියෙන්නේ රාහු කාලයේදී වෙන්න ඇති...(ස)
ප්‍රසන්න Wednesday, 08 May 2013 09:17 AM
මන් දන්න තරමින් 3 රෝද රථයක යන්න පුලුවන් රියදුරුයි තව තුන් දෙමෙකුට විතරයි. මෙතන 6 දෙනෙක් ගිහින් තියනවා. ඒ එක්කම ගොඩක් අනතුරු වෙන්නෙ එක්කො මගුල් ගේක ගිහින් එනකොට එහෙම නැත්නම් අවමගුල් ගේක ගිහින් එනකොට එහෙමත් නැත්නම් මේ වගෙ මල්වර මගුලකට ගිහින් එනකොට. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට රියදුරු බීල තමයි වාහනෙ අතට ගන්නේ. (ස)
සෙලනිකස් Wednesday, 08 May 2013 09:34 AM
අපල නැති කලෙක, හොඳ නැකතකින් පිටත්වී නොසැලකිලිමත් ලෙස ගියොත් මොක ද වෙන්නේ ?(ස)
චමින්ද Wednesday, 08 May 2013 10:05 AM
චප්ප වෙන්නෙ නැද්ද අප්පා ඔය වගේ අලියෙකුගෙ වැදිච්චහම. ලගින් ගියත් ඇති.(ස)
ෆයිසර් Wednesday, 08 May 2013 10:11 AM
නොසලකිමත් හෝ බීමත්කම ඔය වගේ අනතුරුවලට හේතුවේ.(ස)
විජේසිංහ Wednesday, 08 May 2013 10:11 AM
මියගිය යට නිවන්සුව පතමු!!(ස)
රුපරත්න Wednesday, 08 May 2013 04:58 PM
ත්‍රී රෝද රථ ලංකාවේ මහපාරට කරදරයක්ම පමණි. සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතුය (නි)