IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රි'මලේ සංවිධාන 4ක් විදී බසී : නැති වු අය සොයා දෙන ලෙස ඉල්ලයි

අතුරුදන් වූ හා සිවිල් සංවිධාන හතරක් ඒකාබද්ධ වෙමින් අද (03) උද්ඝෝෂණයක් පැවැත්විය.

යුද සමයේ පැහැරගත් හා අතුරුදන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙසත් ඔවුන් නව රජයට බල කළහ.

අතුරුදන් වු හා පැහැරගත් ඥාතීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පැවැති මෙම උද්ඝෝෂණයේ 2008 වසරේ අවස්ථා තුනකදී අතුරුදන් වූ හා පැහැරගත් පුතුන් තිදෙනෙකුගේ මවක් පුතුන් තිදෙනා එකට ගත් ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් සහභාගී වී සිටීම විශේෂත්වයකි.

DSCN1567 DSCN1570 DSCN1585



අදහස් (0)

ත්‍රි'මලේ සංවිධාන 4ක් විදී බසී : නැති වු අය සොයා දෙන ලෙස ඉල්ලයි

පැතුම් Tuesday, 03 February 2015 02:44 PM

මේ අය පැහැරගෙන ගියේ කොටි කියල මේ අම්මල දන්නෙ නැතිව නෙමෙයි. මේ අය දැනට මැරිල කියල දන්නෙ නැතිවත් නෙමෙයි. සමහර විට ඇත්තටම යුද්දෙන් දුක් වින්දෙ මේ අය නෙමෙයි වෙන්නත් පුළුවන්. මොකද මේ අය හැමවිටම ඇගිල්ල දික් කරන්නේ රජයේ හමුදාවට විතරයි. එතකොට දකුනේ අතුරුදන් වූ හමුදා සෙබලුන්ගේ අම්මලා මෙහෙම පාරට බහින්නෙ නැත්තේ ඒ අයට දරු කැක්කුම නැති නිසාද? එහෙම නෑ. ඒ අයව ඒ තැනට පත්කරන්න පොළඹවන්න සංවිධානයක් නෑ. උතුරේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න ඕන තරම් සංවිධාන තියෙනවා. හැබැයි දැකල තියෙනවාද කවුරුවත් අන්තර්ජාතික ඒල්ටීටීඊ ඩයස්පෝරාවට විරැද්ධව පාරට බැහැල ඉන්නවා. හරියට බැලුවොතින් මේ පේන දේවල් සත්‍යද කියල හිතන්න අමාරු තරමට අවුල් සහගතයි නේද? (නදී)

:       0       0

මුරලි Tuesday, 03 February 2015 08:03 AM

ප්‍රභා උන්නා නම් අහන්න තිබ්බා .....දැන් මොකෝ කරන්නේ .(හේ)

:       0       0

ප්‍රියාංකර Tuesday, 03 February 2015 08:40 AM

දැන් කොහොම කියලා හොයන්නද?(හේ)

:       0       0

රසික Tuesday, 03 February 2015 09:23 AM

දැන් අවුරුදු පහක් ගිහින් කොහේ හොයන්නද?ඉන්නවානම් දැන් මේ වෙනකොටත් ඇවිත්.(හේ)

:       0       0

ඇසිලින් නෝනා Tuesday, 03 February 2015 09:30 AM

මෙවන් විපත් මතු ලොව කිසිවෙකුටවත් සිදු නොවේවා. සියලු දෙනා සුවපත් වේවා.(හේ)

:       0       0

ජානක Tuesday, 03 February 2015 10:02 AM

පුත්තු තුන්දෙනෙක්ම නැති වෙලා. අම්මේ අම්මව දකිනකොට අපිටත් හරිම දුකයි .යුද්ධයෙන් අපිට නොලැබිච්ච දේවල් විතරයි තියෙන්නේ. ලැබුන දෙයක් නෑ .යුද්ධය අවසන් කරපු හැම සොල්දාදුවෙකුටම, ෆොන්සේකා මහතාට, මහින්ද හිටපු ජනපතිට අපි සදා ණය ගැතියි. (ර)

:       0       0

කුමාර් Tuesday, 03 February 2015 10:17 AM

වැඩිදෙනෙක් නැතිවෙලා තියෙන්නේ කොටි පාලනය කළ අඩවි වලින්, ඉතින් මේ අයගැන කොටිගෙන්ම තමා ඉස්සෙලාම අසා දැනගන්න ඕනා. (හේ)

:       0       0

ඇසළ Tuesday, 03 February 2015 10:24 AM

ප්‍රභාකරන් ගෙන් ඇහුව නම් කියයි ඉන්න තැන.(හේ)

:       0       0

අශෝක රළපනාව Tuesday, 03 February 2015 11:39 AM

මේවා අහන්න ඕනේ අපේ රජයෙන් නෙවෙයි කියලා මෙයාලා දන්නේ නැද්ද (දිල්)

:       0       0

ගාමිණි Tuesday, 03 February 2015 11:39 AM

මුන්ට අල බහිනකන් ඉන්න පුළුවන්. තැම්බෙනකල් ඉන්න බැරිද? (දිල්)

:       0       0

අශෝක රළපනාව Tuesday, 03 February 2015 11:45 AM

ආණ්ඩුව මේවටත් උත්තර දෙන්නකෝ (දිල්)

:       0       0

ජයසේන Tuesday, 03 February 2015 12:04 PM

ප්‍රබාකරන් නස්පැත්තිය කවද මිනිස් හදවත් වලින් ඉවත් වේවිද? (නදී)

:       0       0

අවන්ති Wednesday, 04 February 2015 12:53 AM

පැතුම් කියන දේ හරියටම හරි (නදී)

:       0       0

රොෂාන් Tuesday, 03 February 2015 12:55 PM

මේත් මිනිසුන් ඒකවත් හිතන්න. දෙමාපියන්ට දරුවන් ඇර වෙන සම්පතක් නැහැනේ නේද? අහිමි වීමේ වේදනාව දන්නේ ඒ අයයි. වගකිව යුත්තා ප්‍රබාකරන් මතකනේ විජේවීර නිසා අම්මලාට දරුවන් නැති උනා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site