(පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල, මාවැල්ල ධීවර වරායේ නැංගුරම්පොළ ආසන්න මුහුදේ දිය නාමින් සිටි තරුණයකු දියේ ගිලී අතුරුදහන් ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මුහුදේ ගිලී අතුරුදහන් ව ඇත්තේ බෙලිඅත්ත ,දෙමටත්වල  පදිංචි කාව්‍ය ආකර්ෂ විජේසිංහ නමැති 24 හැවිරිදි තරුණයෙකි.

පවුලේ අය සමඟ මාවැල්ල ප්‍රදේශයේ නෑදෑ ගෙදරක ගොස් ඇති අතර පසුව එම නැදෑ නිවසේ කිහිප දෙනකු සමග මුහුදේ නාමින් සිටියදී රළ පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදහන් ව ඇතැයි පොලිසිය පවසයි.

තංගල්ල නාවික හමුදා කිමිදුම් අංශය අතුරුදහන් වු තරුණයා සොයා මෙහෙයුමක් සිදුකරයි.