IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ත‍්‍රාසය - භීතිය - ශෝකය ඉතිරිකරමින් යතුරු පැදි ධාවක සිමොන්සිලි සමුගනී

මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගවල බියකරුබව හා ශෝකජනක සිදුවීම් නැවතත් ලෝකයා ඉදිරියේ දිග හරිමින් ඉකුත් ඉරිදා (23) පැවැති මැලේසියානු ගෝන් ප‍්‍රී යතුරු පැදි තරගයේදී ඉතාලි ජාතික යතුරු පැදි ශූර මාර්කෝ සිමොන්සිලි අනතුරකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්විය. සිමොන්සිල් මිය යාමට සතියකට පෙර බි‍්‍රතාන්‍යය ජාතික ෆෝමියුලා මෝටර් රථ ශූර ඩෑන් වුල්ඩන් ද ඇමරිකාවේ පැවැති ෆෝමියුලා මෝටර් රථ තරගයක දී මෝටර් රථ 15 ක් අනතුරට ලක්වීම නිසා ජීවිතක්‍ෂයට පත්වීමේ තවත් ශෝචනීය සිදුවීමක් වාර්තාවිය. හොන්ඩා යතුරු පැදියකින් තරග කළ 24 හැවිරිදි සිමොන්සිලි ගෝන් ප‍්‍රී යතුරු පැදි තරගයේ දෙවැනි වටයේදී තවත් තරග කරුවන් දෙදෙනකු හා ගැටීම නිසා ධාවන පථය මත ඇද වැටිණ. ඔහුට පසුපසින් පැමිණි ධාවක කොලින් එඞ්වඞ්ගේ යතුරු පැදිය සිමොන්සිලිගේ පපුව සහ හිස ප‍්‍රදේශය උඩින් ගමන් කිරීමෙන් ඔහුට මෙම මරණය සිදුවිය. එඞ්වඞ්ගේ යතුරු පැදිය සිමොන්සිල්ගේ හිස ප‍්‍රදේශයේ වැදීමත් ඔහුගේ හිස්වැසුම ගැලවී යාම නිසා හිසට දැඩි තුවාල සිදුවිය. ’අනතුරකදී හිස්වැසුම ගැලවී ඒම හොඳ සංඥාවක් නොවේ යැයි’ සිමොන්සිලිගේ මරණයෙන් පසුව තරගාවලියේ වෛද්‍ය අධ්‍යක්‍ෂ මයිකල් මැච්ගොඩින් පැවසීය. සෙසු ධාවකයන්ගේ ගැටීමත් සමග සිමොන්සිලිගේ හිසට, බෙල්ලට හා පපුවට දරුණු ලෙස හානි වූ බවත්, ගිලන් රථය තුළදී හෘදයාබාධයක් හටගත් බවත් මැච්ගොඩින් පැවසීය. තරගයේදී එඞ්වඞ්ට ආසන්නයෙන්ම පැමිණි, නව වතාවක් ග්‍රෝන් පී යතුරු පැදි ශූරයා වූ ඉතාලි ජාතික වැලන්ටිනෝ රෝසි ද මෙම අනතුරේදී සිමොන්සිලිගේ යතුරු පැදියේ ගැටුණ නමුත් සිය යතුරු පැදිය හසුරුවා ගනිමින් අනතුරින් බේරීමට ඔහු සමත්විය. කොණ්ඩ විලාසිතාවලට වඩාත් පි‍්‍රය කළ සිමොන්සිල් විනෝදකාමී ජීවිතයක් ගත කළ කී‍්‍රඩකයෙකි. ඔහු 1996 වසරේදී එනම් වයස නවයේදී ඉතාලියන් මිනි මොටෝ තරගාවලියට සහභාගිවෙමින් යතුරු පැදි ක‍්‍රීඩාවට පිවිසියේය. එම තරගාවලියේ 1999 සහ 2000 වසරවල ශූරතාව දිනාගත් හෙතෙම 2000 වසරේ යුරෝපීය මිනිමොටෝ තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේය. හෙතෙම ඉතාලියන් 125 සී.සී. යතුරු පැදි ඉසව්වේ ශූරයා වෙමින් 2002 වසරේදී එම කාණ්ඩයේ යුරෝපීය ශූරයා ද විය. 2006 වසරේදී 250 සී.සී. කාණ්ඩයෙන් තරග කළ සිමොන්සිල් 2008 වසරේ 250 සී.සී. යතුරු පැදි ඉසව්වේ ලෝක ශූරතාව දිනා ගැනීමට ද සමත්විය. සිමොන්සිල්ගේ මරණය ගෝන් ප‍්‍රී යතුරු පැදි ධාවන තරගයකදී සිදු වු පළමු සිදුවීම නොවේ. 2003 වසරේදී ජපානයේ ඩජිරෝ කාටෝ ජීවිතක්‍ෂයට පත් වුයේද ජපාන් ගෝන් ප‍්‍රී යතුරු පැදි තරගයකදීය. සිය මිතුරා වු සිමොන්සිල්ගේ මරණය තම ඇස් ඉදිරිපිටදීම සිදුවීම නිසා කම්පාවට පත්වූවද යතුරු පැදි තරගවලින් සමුගැනීමේ අදහසක් නැතැයි ලෝක ශූර වැලන්ටිනෝ රොසී පවසයි. සික් (සිමොන්සිල්) මගේ බාල සොහොයුරෙක් වගේ. මා ඔහු ළගින්ම ඇසුරු කළා” ඔහුව මට ධාවන තරගවලදී වගේම එදිනෙදා ජීවිතයේදීත් හමු වෙනවා. ඔහු නැති අඩුව අපට කලක් යන තුරු දැනේවි” යයිද රොසී පවසයි.

රොයිටර් ඇසුරිනි සැකසුම : සජීක ජයසිංහ
   



අදහස් (0)

ත‍්‍රාසය - භීතිය - ශෝකය ඉතිරිකරමින් යතුරු පැදි ධාවක සිමොන්සිලි සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 795 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site