IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රස්තපනත ගැන නීතිඥ සංගමය කළ ඉල්ලීම

(මනෝප්‍රිය ගුණසේකර)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී ඇති අයිතීන්ට අනුව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමේ බලපතල අනතුරක් ඇතැයි පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ඉල්ලීම කොට ඇත.

උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවම් නියෝග යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් තම සංවිධානයේ දැඩි අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනන් යුතුව නිකුත් කොට ඇති මෙම නිවේදනයෙ වැඩිදුරටත් සඳහන් වේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට විධායකයට ප්‍රතිපාදන සලසා දී ඇති කුරිරු නීතියක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමට හා භාෂණයට ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් ජනතාවට අයිතිය ලබාදී ඇති බව පෙන්වාදෙන නීතිඥ සංගමය නීත්‍යානුකූලව එලෙස අදහස් ඉදිරිපත් කිරීම යටපත් කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති අයිතිය අනුව කටයුතු කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහාත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කිරීමේ බරපතල අනතුරක් ඇති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ තත්ත්වය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත් එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නිකුත් කොට ඇති රැඳවුම් නියෝග වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නිතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් කොට ඇත.

 



අදහස් (0)

ත්‍රස්තපනත ගැන නීතිඥ සංගමය කළ ඉල්ලීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site