( නිමන්ති රණසිංහ)
ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත්ට රැදී සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (16) නියෝග කළේය.
පුද්ගලයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියේදී නේවි සම්පත්ට රැඳි සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව කැඳැවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන විශේෂ වාර්තා සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් සිදු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දැනුම් දෙනු ලැබීය.
එම විමර්ශන ප්‍රගතිය ලැබෙනතුරු නඩුව කල් තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝග කළේය.
මෙම සිද්ධියටම සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකු වු ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියටත් කරගෙන යාමට ද කොළඹ අපරාධ කොට්ඨාසයට මහෙස්ත්‍රාත්වරයා අද අවසර ලබා දුන්නේය.
ඒ අනුව එම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු මාර්තු මස 06 වැනිදා තෙක් කල්තැබීමට නියෝග කෙරිණි.
ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ඇප මත සිටිමින් අද අධිකරණයේ පෙනී සිටියේය.
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එරෙහි නඩු කල් යයි