IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති

යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  රට වෙනුවෙන් ඉටුකළ  සුවිශේෂි හා විශිෂ්ට මෙහෙවර උදෙසා උපහාර වශයෙන් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පෙරවරුවේ සිදු කැරිණි.

ත්‍රිවිධ හමුදාවන්හි දැනට සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් තිස් දෙදෙනෙක්  විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූහ.

යුද හමුදාපති ලූතිතන් ජනරල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විෙජ්ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මහත්වරුන් ද මෙහිදී විශිෂ්ට සේවා විභූෂණ පදක්කම ලබා ගත්හ.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රධානයක් වන අතර එය යුද හමුදාවේ ලූතිතන් කර්නල් සහ ඊට ඉහළ නිලයන්හි නිලධාරීන් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිළධාරීන් වෙත පමණක් ප්‍රදානය කරනු ලබන පදක්කමකි.

 

ශ‍්‍රී ලංකා යුද හමුදාව

සේවයේ යෙදී සිටින නිලධරයෝ

01.යුද හමුදාපති ලූතිතන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා

02. මේජර් ජනරාල් එමි.පී. පීරිස්

03. මේජර් ජනරාල් එස්.ඩබිලිවි.එල්. දවුලගල

04. මේජර් ජනරාල් එන්.ඒ.ජේ.සී. ඩයස්

05. මේජර් ජනරාල් යූ.ඒ.බී. මැදවල

06. මේජර් ජනරාල් එච්.සී.පී. ගුණතිලක

07. මේජර් ජනරාල් එන්. උඩවත්ත

08. මේජර් ජනරාල් එල්.එන්. වික‍්‍රමසූරිය

09. මේජර් ජනරාල් එන්.ජේ. වල්ගම

10. මේජර් ජනරාල් ජී.වී.ඞී.යූ.ඒ. පෙරේරා

11. මේජර් ජනරාල් කේ.ජේ. අල්විස්

12. මේජර් ජෙනරල් කේ.ඒ.ඞී.ඒ. කරුණාසේකර

13. මේජර් ජෙනරල් එම්.ඒ.එම්. ඩයස්

 

විශ‍්‍රාමික නිලධරයෝ

01. ජනරාල් ආර්.එම්.ඩි. රත්නායක

02. මේජර් ජනරාල් ඊ.පී. ද ඉසෙඞ් අබේසේකර

03. මේජර් ජනරාල් එස්.ඒ.පී.පී. සමරසිංහ

04. මේජර් ජනරාල් එල්.බී.ආර්. මාර්ක්

05. මේජර් ජනරාල් ජේ.සී. රඹුක්පොත

06. මේජර් ජනරාල් වී.යූ.බී.නානායක්කාර

 

මියගිය නිලධාරී

01. මේජර් ජනරාල් කේ.ජේ. විජේතිලක

 

ශ‍්‍රී ලංකා නාවික හමුදාව

සේවයේ යෙදී සිටින නිලධරයෝ

01. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

02. වෛද්‍ය රියර් අද්මිරාල් එල්. ඒකනායක

03. රියර් අද්මිරාල් ඩබ්ලිව්.එස්. ජයසිංහ

04. රියර් අද්මිරාල් කේ.ජේ.සී.එස්. ප‍්‍රනාන්දු

 

විශ්‍රාමික නිලධරයෝ

01. රියර් අද්මිරාල් ඞී.එස්. උඩවත්ත

02. රියර් අද්මිරාල් ඒ.ආර්. අමරසිංහ

03. රියර් අද්මිරාල් කේ.ආර්. සේනාධීර

04. රියර් අද්මිරාල් පී.ඒ.ඞී.ආර්. පෙරේරා

05. රියර් අද්මිරාල් එස්. දිසානායක

06. රියර් අද්මිරාල් එල්.ඞී.කේ.ටී. සේනාරත්න

 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව

01.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල

විශාමික නිලධාරී

01. එයාර් වයිස් මාර්ෂල් පී.ඞී.ජේ. කුමාරසිරි

sammana-2015-8-10-1 sammana-2015-8-10-2 sammana-2015-8-10-3 sammana-2015-8-10-4 sammana-2015-8-10-5 sammana-2015-8-10-6



අදහස් (0)

ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති

දිනේෂ් Friday, 09 October 2015 06:04 AM

අපිට නම් දකිනකොටත් සතුටුයි. (නි)

:       0       0

හිරාන් Friday, 09 October 2015 06:59 AM

වැඩේ හොඳයි, හැබැයි මේක සෙප්පඩ විජ්ජාවක් වගේ පෙන්නේ. වෙන දේවල් අකාමකා දාන්න මිනිසුන්ගේ ඇස වහන්න කරන සංදර්ශනයක් නේද? (බ)

:       0       0

දුමින්ද Friday, 09 October 2015 08:46 AM

දිය හැකි උතුම්ම දේ පන පුදා රැකගත් රට-සුරැකීමය හෙට (බ)

:       0       0

රුවන් Friday, 09 October 2015 03:47 AM

ඔබට අපගේ උණුසුම් උත්තමාචාරය (බ)

:       0       0

කපිල Friday, 09 October 2015 09:02 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site