IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ත්‍රීරෝද රථ රියදුරන්ට තවත් හිසරදයක්

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව පොලිස් ස්ථානවල ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන ලෙස බලශක්ති අමාත්‍යංශය කළ දැනුම්දීම සමඟ පොලිස් ස්ථානවලට යන ඇතමුන්ට ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අයිතිය නොමැතිවීම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ත්‍රීරෝද රථ රියදුරන් පවසන්නේ ත්‍රීරෝද රථවලින් සියයට 10 ක් පමණ වර්තමාන අයිතිකරු ලියාපදිංචි අයිතිකරු නොවන බවත් මෙම නව ඉන්ධන ලියාපදිංචිය හේතුවෙන් අයිතිකරු මාරු කිරීමට ද මුදලක් වැයකිරීමට සිදුව ඇති බවත්ය.

ඉන්ධන ලබාගැනීම සඳහා ත්‍රීරෝද රථයේ ලියාපදිංචි හිමිකරු ආසන්නතම පොලිස් ස්ථානයේ ලියාපදිංචි වියයුතු බවත් එක් පොලිස් ස්ථානයක ත්‍රීරෝද රථ 250 ක් පමණක් ලියාපදිංචි කරන බවත් පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථ රියදුරන් අද (27) පෙරවරුවේ සිට ලියාපදිංචිවීම සඳහා පොලිස් ස්ථානවලට පැමිණෙමින් සිටින අතර කොළඹ නගරයේ පොලිස් ස්ථානවල තදබදයක් ද පැවතුණි.

කොළඹ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ ත්‍රීරෝද රථ ලියාපදිංචි කළ ආකාරය ඡායාරූපවල දැක්වේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)   



අදහස් (11)

ත්‍රීරෝද රථ රියදුරන්ට තවත් හිසරදයක්

sellakara kolla Wednesday, 27 July 2022 01:37 PM

හොඳ වැඩේ... මෙයාලා නිසා තමයි අපිටත් තෙල් නැත්තේ. මේ දවස්වල මෙයාලගේ ජොබ් එක ත්‍රීවිල් එලවන එක නෙවෙයි.. තෙල් ගිනි ගණන් වලට විකුණන එක. සමහර අය පෝලිමේ ඉද්දීත් තෙල් විකුණනවා. මීට වඩා නියාමනය කරන්න ඕනේ ශ්‍රී ලංකා ත්‍රී රෝද රථ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව..

:       6       64

fairoosWednesday, 27 July 2022 03:02 PM

එතකොට ඩීසල් නැත්තෙත් ත්‍රීවීල් කාරයින් හින්දද?

:       20       7

sellakkara kollaWednesday, 27 July 2022 04:42 PM

ඔයාටත් ත්‍රීවිල් එකක් තියෙනවා නේද?

:       0       0

BamunuarachchiWednesday, 27 July 2022 05:11 PM

නැහැ මුස්ලිම් අය හින්දා, මොකක්ද ප්‍රශ්නය?

:       7       5

BamunuarachchiWednesday, 27 July 2022 05:10 PM

ත්‍රි රෝද කරුවන් නිසා අපි දැඩි අපහසුකම් වලට ලක්වුණා. ඒ නිසා ඔවුන්ගේ හිසරද අපේ හිසරද කර ගන්න ඕනේ නැහැ. කොහේ හෝ පැත්තක ෂෙඩ් එකක් නියම කරන්න.

:       3       13

කිරි පුතා Wednesday, 27 July 2022 02:20 PM

ත්‍රීවිල් කියන්නේ වෙනම උප සංස්කෘතියක්. හරියට ගඳ ගහන කුණු ගොඩක් වගේ... කලාතුරකින් තමයි වැදගත් මනුස්සයෙක් ඒ අතර ඉන්නේ. මෙයාගේ හොර වැඩ නිසානේ ඉන්ධන ප්‍රශ්නය මෙච්චර දුර ගියේ. මෙවැනි නියාමනයක් තිබීම නම් ඉතා හොඳයි. තව තව හොර අහුවෙයි...!

:       0       0

සුරංගොඩ Wednesday, 27 July 2022 02:23 PM

වාහනයක් ගත්තාම අයිතිය පවරාගැනීම අනිවාර්ය නීතියක්.. එය වාහනය ගන්න කෙනාට ආරක්ෂාව ඇතිවෙනවා. එහෙම නොකළොත් මුල් අයිතිකාරයාට අනතුරක් වීමට හේතුවක් වෙනවා. රජයට ලැබිය යුතු ආදායම් අහිමි වීමක් වෙනවා. එනිසා මෙය හොරුන්ට හිසරදයක් වුණත් නීතිගරුක පුරවැසියන්ට හිසට සහනයක් කියන්න පුළුවන්...

:       0       0

Harsha Wednesday, 27 July 2022 02:47 PM

වාහනයක් වෙන කෙනෙක්ගෙන් ගත්තා නම් තමන්ගේ නමට පොත හරවා ගන්න ඕනෑ තමයි. ඒක කරගන්නේ නැතිව මේ වැඩේ නිසා ඒකත් කරගන්න වෙලා කියලා කන්කෙඳිරි ගාන්නේ ත්‍රිවීල් කාරයින් හිතාගෙන ඉන්නේ ඔවුන්ට රටේ නීතිය අදාල නෑ කියලාද?

:       0       0

fairoos Wednesday, 27 July 2022 05:18 PM

බමුණාට තියෙන්නේ මුස්ලිම් ගාය... කවදා හරියයිද මන්දා..?

:       4       6

BamunuarachchiWednesday, 27 July 2022 05:51 PM

හම්බයින් රටට කරපු හා කරන නස්පැත්තිය අපි/මම දකින නිසයි මේ තරහ. සිංහලයා තම රටේම අනාථයින් වෙන්නේ මොවුන් නිසා. මොවුන්ට ඉඩම්වලට ඔප්පු කොහෙන්ද?

:       2       3

AselaWednesday, 27 July 2022 06:47 PM

මුස්ලිම් ගාය නෙමෙයි, ඒක තමයි ඇත්ත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉන්න මහා කැත මිනිසුන් පිරිසක් තමයි ත්‍රිරෝද රථ සෙට් එක. තනිකරම ජාවාරමක් කරන්නේ වැඩිමිලට පෙට්‍රල්, ඩීසල් ගන්නවා කියලා උහුලන්න බැරි අධික මිලගණන් අයකරනවා. පෝලිම්වල වැඩි හරියක් ඉන්නේ ත්‍රිවීලර්... ඒත් හයර් යන්න එන්නේ නැහැ. ඒ තරමටම කාර්යබහුල වෙලා. ඒ විතරක් නෙවෙයි චණ්ඩිපාට් එකෙන් තමයි හයර් එකේ සල්ලී ගන්නේ. රජය මැදිහත් වෙලා වෙනස් කරන්න බැරි සාධාරණ මීටරයක් සවිකරන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 271 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site