IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’ත්‍රිපෝෂ නැතුව පෝෂණය වැටිලා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටපුරා ත්‍රිපෝෂ බරපතළ   හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ  පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

එසේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින්  එය වහාම නවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ  කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

කිරිදෙන මවුවරුන්ට ගැබිනි මවුවරුන්ට කුඩා දරුවන්ට ලබා දෙන  ත්‍රිපෝෂ අද  හරියාකාරව දෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාවත්  පෞද්ගලීකරණය කිරීමට මේ රජය කටයුතු කරන බවට ආරංචියි. පෞද්ගලීකරණ ලයිස්තුවේ ඒ ආයතනය තියෙනවා. එම ආයතන පෞද්ගලීකරණය කරන්න එපා කියලා මම ඉල්ලනවා. ත්‍රිපෝෂ  දීම ඕනෑම රජයක වගකීමක්. දරුවන්ගේ මවුවරුන්ගේ පෝෂණය ගැන බලා ගැනීම රජයක වගකීමක්.



අදහස් (2)

’’ත්‍රිපෝෂ නැතුව පෝෂණය වැටිලා’’

Bunny Preena Thursday, 07 September 2023 04:26 PM

ත්‍රිපෝෂ විතරක් නෙවෙයි, පෝෂණ ගොඩක් දරුවන්ටයි, වැඩිහිටියන්ටයි, අහිමිවෙලා තියෙන්නේ මෙම ආර්ථික ප්‍රශ්න නිසා...

:       0       1

සල්ලි Friday, 08 September 2023 07:20 AM

කමක් නෑ දේශපාලකයින්ගේ ළමයි සැපේ ඉන්නවනේ. ඔවුන්ට ත්‍රිපෝෂ ඕනෑ නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site