IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රිපෝෂ ගැන බොරු කිවුවාට නිලධාරීන්ට විනය පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ  මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය:

ත්‍රිපෝෂ වල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරකය අඩංගු බවට  මාධ්‍ය වාර්තාවක් තියෙනවා. මේක අක්මාවට හානි කරන විෂ කාරකයක්.  මේ වාර්තාවේ නම් තියෙන්නේ ඇල්පාට්‍රොක්සීන් කියලයි. මේවා නිසි නියාමනයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල:

මේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ඊයේ හවසම කතා කළා. අමුලික බොරැවක් කියලා වගකීමක් ඇතිව මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා. මේ ප්‍රශ්නය ඇති කිරීමට සම්බන්ධවූ නිලධාරීන්ට  නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඊයේ  රෑත් , අද උදෙත් ලේකම්තුමාට කිව්වා.  පිළිකාකාර තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීම නින්දිත ක්‍රියාවක්.  එවැනි ප්‍රකාශයක් කරනවා නම් අපේ ලේකම්තුමාගෙන් අවසර ගන්න ඕන.

වැඩිදුර විස්තර:- රට පුරා ත්‍රිපෝෂවල විෂ කාරකයක්



අදහස් (7)

ත්‍රිපෝෂ ගැන බොරු කිවුවාට නිලධාරීන්ට විනය පරීක්ෂණ

sena Wednesday, 21 September 2022 01:03 PM

මිනිස්සුන්ට විස සහිත දෙයක් ගැන කියන්න මෙයාගෙ ලේකම් ගෙ අවසර ඔනලු - මෙතන මොකක් හරි අව්ලක් තියෙනවා මතකද මෙයා උඩ පැනපු හැටි අර පොහොර නැව ගැන.

:       3       34

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 September 2022 01:25 PM

ඔය විදිහට බොරු කියන්න නිලධාරින්ට ඔල්මාදේ නැහැ. ඒ නිසා දේශපාලකයින් හා ඔවුන්ට අවනත ඇතැම් ඉහළ අය වැඩේ වහගන්න වෙනත් උප්පර වැට්ටියක් යොදනවා වගෙයි පේන්නේ. ප්‍රථමයෙන්ම, මේ කියනා ලද ත්‍රිපෝෂවල එම විෂ රසායනික නොමැති බව නිසි පරීක්ෂණයකින් තහවුරු කිරීමට කටයුතු කරන්න. නිකං වැඩේ යටගහලා රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔය කියන නිලධාරින් බොරු කියනවා නම්, ඔවුන්ව රැකියාවෙන් ඉවත් කරන්න පුළුවන් නේද? ඇයි එසේ නොකරන්නේ?

:       1       27

කිරිපුතා Wednesday, 21 September 2022 02:24 PM

සාම්පල අරගෙන රසායනාගාර පරීක්ෂණයකින් තහවුරු කරන තුරු කිසිවෙකුත් හරි හෝ වැරදි යැයි කිව නොහැකිය.

:       4       11

Rexi Wednesday, 21 September 2022 02:54 PM

කරුණාකර රහස් පොලිසියට පැමිණිලි කරන්නකෝ ඇමැතිතුමා..? ඇයි ඒවා කරන්නේ නැතිව විනය ක්‍රියාමාර්ග ගන්න යන්නේ? එදාමෙදා තුර පත්කරපු ජනාධිපති... අර කොමිසන්, මේ කොමිසන්වලින් වැරැදි කරපු අයට දඬුවම් දුන්න එක අවස්ථාවක් තියෙනවද? බොරු බයිලා එපා...

:       0       11

fairoos Wednesday, 21 September 2022 03:09 PM

මේ කාලකණ්ණි දේශපාලකයින් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ...

:       0       11

විජේ Wednesday, 21 September 2022 05:09 PM

"මම මෙල්බර්න් හෝටලේදි කොටු පනින්න ගිහින් පහළට වැටුණා කියන එකත් බොරු"

:       0       5

ගමේ එකාලා Wednesday, 21 September 2022 07:40 PM

දුශිත දේසපාලුවෝ තරම් බොරු කියලා ජනතාව ගොනාට අන්දවන අය ලොවෙත් නැතුව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site