IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතෙහි වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල (පටහැනි) බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තමා වෙත දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

 
එම වගන්ති වලින් 12 (අ) වගන්තිය බලාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ඒ සඳහා මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කළ යුතුවේ. 
 
එම සංශෝධන පනතට ඇතුළත් 12 අ (2) වගන්තිය බලාත්මක කිරීමට නම් තුනෙන් බහුතර ඡන්දයක් අවශ්‍ය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු වේ.
 
එම පනතට ඇතුළත් 12 (අ) (7) වගන්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන ව්‍යවස්ථාවට අනනුකූලවේ.
 
කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙසේය.



අදහස් (5)

ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

සෙනෙවි Tuesday, 03 April 2018 05:06 PM

එජාප සහ ශ්‍රිලංනිප එකතුවෙන් ගැලවීමට අපහසු ලෙස හිරවූ මේ ආණ්ඩුව ජනමතයටද නීතියටද පටහැනිව බලය රැක ගැනීම සඳගා ඕනෑම වෙට්ටුවක් දැමීමට සූදානම් බව මේ පණතින් පෙනී යයි

:       49       254

sirimal Tuesday, 03 April 2018 07:21 PM

මේ කියන තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කළ යුතු අනනුකුල වගන්ති තුනෙහි අනනකූල තාවය ඉවත් කර ගන්නා අන්දමද ශ්‍රේෂ්ඨාධිකරණ පැහැදිලි කර දී ඇත.12 අ (1) වගන්තිය-1996 අංක 10 සහ 2006 අංක 54 යන පනත් වල පරිදි 154ග(3)(ඇ) ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය පළාත් මහාධිකරණය වෙත පැවරී ඇත්තේ නම් මෛ සංශෝධිත වගන්තියෙන් ඇති වන අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.12අ(2) වගන්තිය සංශෝධනය මගින් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා විනිශ්චයකාරවරුන් නම් කිරීම අවශ්‍ය වේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග(2) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, මෙකී පනත් කෙටුම්පතේ 12අ(2) ඉවත් කොට 154ග(2) ව්‍යවස්ථාව පවත්නා පරිදි තැබීමෙන් මෙම අනනුකූලතාවය පහව යනු ඇත.12(අ)(7) වගන්තිය සංශෝධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවද අග්‍ර විනිශ්චයකාරවරයාට විශේෂ අධිකරණ විභාගයක් පැවැත්විය යුතුද නැතිද යන්න තීරණය කිරීමට බලය ලබා දීම මගින් මෙකී වගන්තිය සංශෝධනය වීමෙන් ඇති වන අනනුකූලතාවය ඉවත්ව යනු ඇත. ආණ්ඩුවට ඕනෑකමක් තියෙනවානම් 5 වෙනිදායින් පසු මෙම නව සංශෝධන තවත් ප්‍රමාද නොකර අනුමත කරගත හැක.

:       96       156

Saththaya Wednesday, 04 April 2018 12:58 AM

ඔය පැත්තේ ඔය ජාවාරම් වලට දක්ෂ ඉතින් අපේ කට්ටිය නේද ? මෙච්චර කල් කලේ ඔයවගේ ජාවාරම්නේ . ඇයි කව්ද කියල රටට හෙළි කරන්නේ නැත්තේ ?

:       0       0

Ajith Nissanka Wednesday, 04 April 2018 01:13 AM

මට පෙනෙන හැටියට මේ නීති ගෙනල්ල තියෙන්නේ හිර වෙලා තියෙන දුෂණ සම්බන්ද නඩු ඉක්මන් කර නීතියට වෙට්ටු දමමින් 2020 තෙක් කල් අල්ලගන්න මාන බලන හොරුන් නීතය ඉදිරියට ගෙන ඒමටයී! මේක කාලාන්තරයක් තිස්සේ ජනතාව ඉල්ලපු දෙයක්! ඇත්තටම ඔය කියන විදියට ඔවුන් හොරකම් කර නැත්නම් 2020 ට කලින් ඒ බව නීතියෙන්ම ඔප්පු කර බලය ඉල්ලනවානම් අපිටත් ඔවුන් ගෙන එන පාලනය ගැන බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවනි! ඒක නිසා හොර ගල් අහුලන්නේ නැතුව මෙම විශේෂ අදිකරණ පද්දතිය සම්මත කරගන්න දුෂණ විරෝදී සැවොම බලපෑම් කල යුතුයී!

:       0       0

kasun Wednesday, 04 April 2018 03:40 AM

විශ්වසබන්ගය පරාජය වුනොත් මහින්ද මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට ප්‍රකාශ කොට තිබෙනවා. ඒ අනුව අද දිනය මහින්දගේ හෝ රනිල්ගේ දේශපාලන දිවියේ අවසානය විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 291 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site