IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියනයක් සොයයි

 

(යොහාන් භාසුර)

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට වඩාත් සුදුසුම ක්ෂේත්‍රයක් බවත් තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියනක ආයතනයක් නිර්මාණය කිරීමට හැකිවන්නේ නම් අර්බුදය අවසන් කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම ඩොලර් බිලියනය තනි පුද්ගලයකු හෝ ආයතන කීපයක එකතුවක් ලෙස ලැබිය හැකි බව කී අතුකෝරළ මහතා ශ්‍රී ලංකාවේ අර්ථිකයට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය සියයට 15 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව ද සඳහන් කළේය.

තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයට බොහෝ දෙනකු යොමු නොවූවද වර්තමානය වන විට ලෝකයේ වඩාත් ලාභදායිම ව්‍යාපාරයක් බවත් ශ්‍රී ලංකාව ද හැකි ඉක්මණින් මහා පාරිමාණයෙන් තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයට යොමුවිය යුතු බවත් ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා කීය.

ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා කොළඹදී අද (6) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.



අදහස් (1)

තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියනයක් සොයයි

Bamunuarachchi Thursday, 06 October 2022 06:15 PM

ඒ සඳහා පහසුකම් සලසන්න. අපේ ළමයි විදුලිය කපපු වෙලාවට වැඩ කරගන්න විදුලිය නොකපන ප්‍රදේශවලට දුවනවා. මෙම කර්මාන්තය බිඳවැටීම් තොරව කරගෙන යාමට තොරතුරු තාක්ෂණ පහසුකම් ඇති Parks ඇති කරන්න. විදුලිය කැපීම නිසා සමහර විදේශීය කොම්පැනි ලංකාවට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ දීමට මැලිකමක් දක්වනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site