IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තරුණ අලෙවිකරණ රන් සම්මානය ලංකාවට

ප‍්‍රංශයේ කෑන්ස් නුවර පැවැති  කෑන්ස් ලයන්ස්  නිර්මාණශීලිත්ව ජාත්‍යන්තර උළෙලේදී   රටවල් 23 ක් අභිබවා  තරුණ අලෙවිකරණ අංශයේ තරගයෙන් හොඳම තරුණ අලෙවිකරණ කණ්ඩායමට හිමි රන් සම්මානය දිනාගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිත විජේසිංහ(28) සහ හිරුණි මෙන්ඩිස්(26)  සමත්වූහ.

60 වැනි වරටත් පැවත්වූ මෙම උළෙලේදී ශ‍්‍රී ලංකාව මෙම අංශයෙන් රන් සම්මානයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය බව ශ‍්‍රී ලංකා අලවිකරණ ආයතනය පවසයි.

ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දෙමින් දිවයිනට පැමිණි ලක්ෂිතව  සහ හිරුණිව   ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී චින්තක වනසිංහ මහතා ඇතුළු නිලධාරීහු  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.

මෙම උළෙලේ තරුණ අලෙවිකරණ අංශයෙන් පැවති තරගය සඳහා  ජපානය,  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව ඇතුළු  රටවල් 23 ක තරගකරුවෝ 46 දෙනෙක් සහභාගී වූ අතර තරගාවළිය  දින තුනක්  පුරා පැවැත්විණි.

මොවුන් දෙදෙනා මෙම සම්මානය හිමිකරගත්තේ  අනෙකුත් රටවල් අභිබවමින් පෙන්වූ  අලෙවිකරණ ඉදිරිපත් කිරීම් වෙනුවෙනි. මෙහිදී ශ‍්‍රී ලංකාව ප‍්‍රථම ස්ථානයත්, ඩොමිනිකන් ජනරජය දෙවන් ස්ථානයත්  කැනඩාව තෙවන ස්ථානයත් හිමිකරගනු ලැබීය.

ශ‍්‍රී ලංකා අලවිකරණ ආයතනය විසින් මොවුන් දෙදෙනා මෙම තරගාවලිය නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇත.

 

 

 


 



අදහස් (0)

තරුණ අලෙවිකරණ රන් සම්මානය ලංකාවට

පෙරේරා Thursday, 27 June 2013 06:30 AM

අති විශිෂ්ටයි. හැබැයි මේ වගේ අයගෙන් රටේ සුබසිද්ධියට වැඩක් ගන්න රටේ බලධාරියෝ දන්නේ නැහැ. නොබෝ දිනකින් බොහෝ දුරට මෙයාලත් පිටරටක පදිංචියට යාවි. (නි)

:       0       0

ෆ්‍රී Thursday, 27 June 2013 06:46 AM

සුබ පැතුම්. තව තවත් ඉදිරියට යාමට අවස්ථාව උදා වේවා! (නි)

:       0       0

ජනක Thursday, 27 June 2013 06:49 AM

අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සමීර Thursday, 27 June 2013 07:18 AM

එටිසලාට් එකේ වැඩකාරයෝ.(නදී)

:       0       0

කිත්සිරි Thursday, 27 June 2013 07:28 AM

මගේ සුභ පැතුම්! (නදී)

:       0       0

තරු Thursday, 27 June 2013 07:44 AM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

වරුණ Thursday, 27 June 2013 08:05 AM

ඔන්න වැඩකාරයෝ. වෙනත් ලොකු ලොක්කෝ මේවට කියලා ගිහින් කරන්නේ ෂොපින් යන එකනේ (නි)

:       0       0

සෑම් Thursday, 27 June 2013 08:19 AM

මම හිතුවේ මොහාමඩ්ලා කියලා...... මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..... (නි)

:       0       0

ඉන්ද්‍රානි ලියනගේ Thursday, 27 June 2013 12:01 PM

මගෙත් සුබ පැතුමි! තව ඉදිරියටම යමු! ඡය ශ්‍රී ලංකා! (අ)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 08:27 AM

නියමයි. අපිට ආඩම්බරයි (නි)

:       0       0

කුසුම් Thursday, 27 June 2013 08:31 AM

මගේ උණුසුම් සුබ පැතුම් පුතා (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 27 June 2013 08:40 AM

කොල්ල රටේ නම ගහගෙනම වේදිකාවට නැගලා,කටක් ඇරලා උඹ නම් ලංකාවේ කියලා අපට කියන්න පුළුවන්. දෙපලටම සුබ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 08:44 AM

තවත් එටිසලාට් වැඩක් ! (නි)

:       0       0

වසා Thursday, 27 June 2013 08:50 AM

අපේ තරුණ ජවය ලෝකටම කියා දීපු ඔබ දෙපොළට මගෙන් සුබ පැතුම් !(නදී)

:       0       0

දර්ශන අබේරත්න Thursday, 27 June 2013 09:02 AM

උණුසුම් සුබ පැතුම්..!(නදී)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 09:57 AM

ඔබ දෙපෙලට සුබ පැතුම් (දී)

:       0       0

සමන් Thursday, 27 June 2013 09:59 AM

සුභපැතුම් ශ්‍රී ලංකා

:       0       0

මුණගම Thursday, 27 June 2013 10:09 AM

ලංකාවේ හොද හා නරක දෙකම තියෙනවා (දී)

:       0       0

අමාලි සිල්වා Thursday, 27 June 2013 12:15 AM

ඔබ දෙදෙනාට මෙන් අපේ රටටද ලොකු ආඩම්බරයක්. ඔබ වැනි තරුණයන් අපේ රටට ගෙනා කිර්තිය . ඔබලාට දිගා යුෂ පතමි.(නදී)

:       0       0

රුසෙල් Thursday, 27 June 2013 12:30 AM

මේ දවස් වල ලංකාවට හොඳයි වගේ. දිගටම ජාත්‍යන්තර සම්මාන.සුබ පැතුම් ඔබලාට (නි)

:       0       0

අනුර Thursday, 27 June 2013 12:51 AM

ඔබ දෙපලටම සුබ අනාගතයක් පතනවා (නි)

:       0       0

පහන් Thursday, 27 June 2013 12:54 AM

එස්කිමෝට ශීතකරණයක් විකිණීම හෙවත් ඇන්දීමට උපන් හපන්කම් ඇති තව බොහෝ ශ්‍රි ලාංකිකයන් අප අතර ඇත.(නදී)

:       0       0

ෂපීක් Thursday, 27 June 2013 10:31 AM

සුභ පෑතුම්.(නදී)

:       0       0

අතපත්තු Thursday, 27 June 2013 01:28 AM

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත " අපේ ලංකික අබිමානය ලොවට විදහා දැක් වූ ඔබ දෙදෙනාට මගේ උපහාරය.(නදී)

:       0       0

සුනිල් Thursday, 27 June 2013 01:41 AM

චින්තනය?(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 27 June 2013 02:16 AM

ඉතාමත් සතුටුයි ඔබට සුභ පෑතුම්!(නදී)

:       0       0

තාරක Thursday, 27 June 2013 03:27 AM

ඔබ දෙදෙනාට මෙන් අපේ රටටද ලොකු ආඩම්බරයක්.(නදී)

:       0       0

නීල් ද සිල්වා Thursday, 27 June 2013 03:42 AM

ප්‍රංශයේ වෙසෙන අපටත් ඔබ දෙපල නිසා ආඩම්බරයක් (නි)

:       0       0

රංජුල Thursday, 27 June 2013 04:58 AM

ඇඩෙනවා ඇස් දෙකටම නියම වැඩක්.(නදී)

:       0       0

තුසිත Thursday, 27 June 2013 05:39 AM

ජයවේවා ශ්‍රී ලංකා.(නදී)

:       0       0

සිල්වා Thursday, 27 June 2013 11:12 AM

ශ්‍රී ලංකා අබිමානයට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site