IMG-LOGO

තරුණයන්ට ලාබ අන්තර්ජාල පාරක් හරීන් කපයි

වයස අවුරුදු 12 – 35ත් අතර තරුණ තරුණියන් සඳහා සහනදායක ජංගම දුරකථන අන්තර්ජාල දත්ත පැකේජයක් හඳුන්වාදීමට සාකච්ඡා කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජංගම දුරකථන සමාගම් සමග සාකච්ඡා කර අදාළ සහනදායී පැකේජයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බවත් එම සමාගම්වල ප්‍රතිචාරය ධනාත්මක බවත් ඇමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.



අදහස් (0)

තරුණයන්ට ලාබ අන්තර්ජාල පාරක් හරීන් කපයි

කවි Friday, 03 June 2016 06:55 AM

මේකත් අර බැලුම වගේ ම බොරු නයෙක් (බ)

:       0       0

බණ්ඩාර _ කැකිරාව Friday, 03 June 2016 07:04 AM

මේවට කියන්නේ පයබරවායට පිට කර බෙහෙත් බැන්දාවගේ කියලයි.දැන් ෆ්‍රී වයි ෆයි සෝන් වලට මොකද වුනේ. අපිටනම් පේන්න වත් නැහැ, අනේ ඉතින් මේ වගේ ගොන් වැඩ නොකර නරකද හැම තරුණයකුටම ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය සහ මෘදුකාංග ගැන ප්‍රාදේශීය මට්ටමෙන් පුහුණු පාඨමාලා සහන පදනමකට හෝ නොමිලේ ලබාදුන්නොත් ,එතකොට ඔවුන්ගේ අනාගතය ජයගන්න පුළුවන් නේද. අද ලෝකයම රඳා පවතින්නේ ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය මත නේද, ඔයාගේ සහනදායක ජංගම දුරකථන අන්තර්ජාල දත්ත පැකේජයක් වලින් වෙන්නේ පරිහානිය විතරයි (බ)

:       0       0

සෙනරත් Friday, 03 June 2016 07:08 AM

අවුරුදු 12 ළමයින්ට අන්තර්ජාල පහසුකම් දෙන්න හදන්නේ උන්ව නැති භංග කරන්නද ? අඩුම තරමේ අවුරුදු 18 නම් කමක් නෑ (බ)

:       0       0

නුවන් Friday, 03 June 2016 07:20 AM

යුරෝපයේ දියුණු රටවල අවරුදු 18 වෙනකන් ළමයන්ට සමාජ ශාලා වෙබ් අඩවි දෙමාපියන්ගේ පාලනය යටතේ පාවිච්චි කරන්න පුළුවන්.නමුත් මෙහෙ කරන්න යන්නේ කුඩා ළමය්න්ගේ මනස විකෘති කරන්න පාර කපන එක! (බ)

:       0       0

සුසන්ත Friday, 03 June 2016 08:14 AM

මේක හඳුන්වා දුන්නම බලමු, තාම සැලසුම විතරනේ. සැලසුම් කල බොහොමයක් ව්‍යපෘති වුණ හැටි අපි දැක්කා පහුගිය අවුරුද්දේ; නොමිලේ වයිෆයි, ගුගල් ලූන්, කුලියාපිටිය වොක්ස්වැගන්, අඩුමිලට කාර් වගේ බොහොමයක් දේවල්. (ම)

:       0       0

භද්‍රානි Saturday, 04 June 2016 07:55 AM

ගරු ඇමතිතුමා අපේ සහෝදරයින්ට ඇහුවහම බය හිතෙන පැකේජ් එකක්වත් දීලා තියනවද කියලා මට නිකමට වගේ හිතුනා. (නි)

:       0       0

විකුම් රංගන Friday, 03 June 2016 01:00 PM

සමහර පුද්ගලයින්ට නොවැටහුනාට නවීන තාක්ෂණයත් සමඟ පෙරට යාම අපේ තරුණ පරපුරේ අනාගතයට මහගු පිටුවහලක්. (හේ)

:       0       0

කුමාරි Friday, 03 June 2016 01:27 PM

බණ්ඩාර ඔයා හරි .ලංකාවට ඇන්ඩොයිඩ් තාක්ෂණය ඕනා (හේ)

:       0       0

සුගත් Friday, 03 June 2016 04:48 AM

අනේ මන්ද මේවා...... බැලුම වගේ වෙයිද? (බ)

:       0       0

ඉන්දික Friday, 03 June 2016 02:54 PM

වැඩක් නෑ ඔය මොන දේ කරත්.(හේ)

:       0       0

ඩිලාන් Friday, 03 June 2016 05:28 AM

ඉක්මණට ක්‍රියාත්මක කරන්න හරීන් මහත්තයෝ (ම)

:       0       0

ඔකිත Friday, 03 June 2016 05:32 AM

අපේ තරුණ පරපුර වනසන්න කරන වැඩක් (ම)

:       0       0

අසාම් Friday, 03 June 2016 06:06 AM

තරුණයන්ට හොඳ අනාගතයක් උදෙසා කාර්මික සහ තාක්ෂණික දැනුම ලබාදෙන්න අනිත් රටවල් එක්ක බලනකොට අපි ගොඩාක් පහල මට්ටමක ඉන්නේ (ම)

:       0       0

කරුණාරත්න ගම්පොල. Friday, 03 June 2016 06:06 AM

දැන් තියෙන දේවල්වල හැටියට තව ජන්ජාල ඇතිකරන්න වෙන මොකුත් ඕන නෑ . සදාචාරය ගැන බණ දේශනාකරණ ගෞරවය පුජකතුමන්ලාගේ දෙනෙත් විවර වේවා! ප්‍රඥාව පහල වේවා.!! (ම)

:       0       0

ප්‍රසන්න Friday, 03 June 2016 07:17 PM

අවුරුදු 5-18 අතර ළමයින්ට හොද අධ්‍යාපනයක් දෙන්නේ නැතුව, මේ වගේ වැඩ කරලා රටේ තරුණ අනාගතය අනතුරේ දාන එකෙන් වෙන්නේ, ඇඟේ තරමට මොළේ නැති පිරිසක් බිහිවෙන එක. ෆේස්බුක් ගිණුමක් හදන්න 18 සම්පූර්ණ වෙන්න ඕනෑ. වෙන රටවල් බුද්ධිමත් තරුණ පරපුරක් හදන්න උත්සාහ කරනවා. අපි...? (නි)

:       0       0

ජාකොබ් Friday, 03 June 2016 08:50 PM

දැන් එහෙනම් සියළු ප්‍රශ්න නිවාරණයි... (නි)

:       0       0

ශානක Friday, 03 June 2016 09:19 PM

මේවට ඉතින් මොකුත් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site