IMG-LOGO

තරුණයකුට සුද්දයක් දැමූ පොලිසියේ සිවුදෙනාගේ වැඩ තහනම්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ඉන්දිකා රාමනායක)

කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේදී ඉකුත් 21 දා පුද්ගලයකුගේ රන්මාලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් වංචනික ලෙස සොරාගත් මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ අංක 2 පොලිස් කොට්ඨාශය පවසයි .

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස්  සැරයන්වරයෙකු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු බව පොලීසිය කියයි .

මෙම නිලධාරීන් සිව්දෙනා ඉකුත් 21 දා විද්‍යාල හංදිය ප්‍රදේශයේ රාජකාරියක නිරත ව සිටියදී මහමග රැඳී සිටි  කතා කිරීමට නොහැකි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරීන් ගමන්කළ ත්‍රිරෝද රථයකින් මද දුරක් රැගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් භාරයට ගෙන මහමග දමාගොස් තිබුණි.

පසුව වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ රන්මාලය පොලිස් නිලධාරීන්  සිව් දෙනෙකු විසින් පැහැරගෙන තමා මහමග අතහැර දමා ගිය බවට කොට්ටාව පොලීසියේ පැමිණිල්ලක් කර තිබුණි.



අදහස් (7)

තරුණයකුට සුද්දයක් දැමූ පොලිසියේ සිවුදෙනාගේ වැඩ තහනම්

Kumara Tuesday, 23 August 2022 10:15 PM

මොවුන්ට කැලේ නීතියෙන් තමයි උත්තර දිය යුත්තේ...!

:       0       0

mewan Wednesday, 24 August 2022 04:54 AM

තව බලන් ඉන්නේ ඇය් ?

:       0       2

චන්දන Wednesday, 24 August 2022 07:06 AM

බුද්ධි නිලධාරීන් හොරකමේ යනවනම් ?

:       0       4

Senarath Wednesday, 24 August 2022 09:24 AM

මෙ උදවිය පාතාලයට වඩා බයානකයි. උපරිම දඩුවම් දෙන්න ඔනෙ.

:       0       3

සමිත අලුත්ගමගේ. Wednesday, 24 August 2022 12:53 PM

පොලිසියේ නම කෙළෙසන මෙවන් හොරුන් අල්ලන්න තවත් වෙනමම පොලීසියක් පිහිටුවන්න සිදුවේවි. එය පොලිස් හොරුන් අල්ලන පොලිසිය හැටියට නම් කරන්න සිදුවේවි...!

:       0       1

ද. කන්නන්ගර Wednesday, 24 August 2022 03:48 PM

මරන්නේ නැතිව ඔහොම කළාට ස්තුතියි කියමු... නීතියක් නැති අරාජික රටක මෙව්වා නිකම් සුළුම සුළුයි.

:       0       0

ඩී කන්නන්ගර Wednesday, 24 August 2022 03:54 PM

නීතියක් නැති අරාජික රටක මේවා සුළුම සුළු දේවල්... ඉහළම ස්ථානයේ සිටින පවුලේ සාමාජිකයින් රටට දෙන ආදර්ශයක්... මේ මුර සෙබළු ආදර්ශයට ගත්තාම ඇති වැරැද්ද මොකද්ද? මෙයාව මරන්නේ නැතිව එව්වට ස්තුතියි කියන්න.. මේ දවස්වල පොලිසිය සහ STF මහත්වරු හොරුන්ව ආරක්ෂා කරන්න දඟලන විදියට මේවා ගණන් ගන්න එපා.. වහල් ජනතාවට මේවාට පුරුදුවෙන්න සිදුවේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site