තරංග පරණවිතාන(75), තිලාන් සමරවීර (73) සහ තිසර පෙරේරා(75) තිදෙනාගේ විශිෂ්ට පිති හරඹයන් නිසා පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 337 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 111 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්තේය.
ඊයේ සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ එකකට ලකුණු 27 ක් ලබා සිටි පාකිස්තානු පිලට වඩා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 84 ක් ඉදිරියෙන් සිටියේය.
තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන දැවී යාමෙන් පසුව, පාකිස්තානු පිල ඉදිරියෙන් සිටියදීම ශී‍්‍ර ලංකා පිලේ හයවැනි කඩුල්ලත් බිඳ වැටුණ හෙයින් මුල් ඉනිමේදී ප‍්‍රමාණවත් වාසියක් ලබාගැනීම සම්බන්ධයෙන් තබා තිබූ ශී‍්‍ර ලංකා බලාපොරොත්තු සේදී යන බවක් දක්නට තිබිණ. එහෙත් එම බලාපොරොත්තු බිඳ වැටෙන්නට ඉඩ නොදුන් තිසර පෙරේරා සහ නුවන් කුලසේකර දෙදෙනා, 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩන`ගමින් තරගයේ ඉතාමත් වාසිදායක ස්ථානයකට ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.
තරගයෙන් අනතුරුව මාධ්‍ය නියෝජිතයන් ඇමතූ තරංග පරණවිතාන කීවේ මෙවන් තණතීරුවක ලකුණු 111 ක මුල් ඉනිමේ වාසියක් යනු විශාල වාසියක් බවත් නිසැක වශයෙන්ම මෙම තරගයේදී වාසිදායක තීරණයක් ලබාගැනීමේ ස්ථානයකට තමන් පැමිණ සිටින බවත්ය.
තරගයේ දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය අතර ඒ වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 44 ක් පමණක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිතිකරුවන් තරගය ආරම්භ කළේ මහත් විචිකිච්ඡාවෙනි.
සඳුදා දිනයම තණතීරුව සම්පූර්ණයෙන් වසා තිබුණ හෙයින් බොහෝ දෙනාගේ ආකල්පය වූයේ ඊයේ පෙරවරුවේදී තණතීරුවේ ඇති තෙතමනය සහ දින දෙකක් තිස්සේ වැවුණු තණකොළ නිසා පන්දුව දෝලනය විය හැකි බවයි. සැබවින්ම පන්දුවේ දෝලනයක් මෙන්ම හොඳ ඉපිළීමක් තිබුණ නමුත් දිවා ආහාරයට පෙර ඉතාමත් හොඳින් පන්දුවට මුහුණ දුන් පරණවිතාන සහ සමරවීර දෙදෙනා තම කඩුලූ රැකගනිමින් දිවා ආහාරය වන විට වඩාත් ආරක්‍ෂිත ලකුණු 143 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.
තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණෙමින් ජුනයිඞ් ඛාන්ගේ තියුණු දෝලනයට නොබියව මුහුණ දුන් සමරවීර නිසා පාකිස්තානුවන්ගේ සැලසුම් සියල්ලම වතුරේ ගියේය.
විනාඩි 215 ක් තිස්සේ පාකිස්තානු පන්දු යවන්නන් අසහනයට පත්කරමින් 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක් එක්කළ සමරවීර සහ පරණවිතාන දෙදෙනා, එම කාලය අතරතුරදී පන්දු 283 ක් බෙදා හදාගත්හ.
දිවා ආහාරයෙන් පසුව කඩුලූ දෙකක් දවාගත් සයීඞ් අජ්මල්, පාකිස්තානු පිල නැවතත් තරගයට කැඳවාගෙන ආ අතර තේ පානය වන විටත් කඩුලූ 6 කට ලකුණු 220 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිල සිටියේ පාකිස්තානු පිලට පසුපසිනි.
එහෙත් තේ පානයෙන් අනතුරුව, පාකිස්තානු පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගෙන බිම හෙ`ථෑ තිසර පෙරේරා, පිතිකරුවකු වශයෙන් තමන් සතු හැකියාව මොනවට ප‍්‍රදර්ශනය කරමින් පන්දු 86 කදී ලකුණු 75 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර තුනකින් සහ පන්දුව විදුලි වේගයෙන් හතරේ සීමාව කරා යැවූ අලංකාර පහර තුනකින්ද පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ සිටි සීමිත නරඹන්නන් කුල්මත් කරමිනි.
පෙරේරාට විශිෂ්ට සහයෝගයක් දුන් නුවන් කුලසේකර පන්දුවට පහර දුන්නේ පන්දු යවන්නකුට පිතිකරුවකුගේ ලක්‍ෂණ විදහා පාමිනි. විනාඩි 79 ක් පුරා විහිදුණු කුලසේකරගේ ඉනිම මනස්කාන්ත හතරේ පහර 4 කින් සමන්විත විය.
තරගය අද දිනයේත් පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරංග (75) - තිලාන් (73) - තිසර (75)
පුංචා Wednesday, 11 July 2012 12:13 PM
අතේ තියෙන චාන්ස් එක...කොහොම හරි ගහමු..
යොහාන් Wednesday, 11 July 2012 12:48 PM
පිස්සුද පුංචා