තායිවානයේ බැංකුවක පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී එක්සත් ජනපද ඩොලර් මිලියන 60ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කිරීම සඳහා එරට අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ‘ෆෝකස් තායිවාන්’ පුවත් සේවය වාර්තා කරයි.
පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වූ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පිරිසක් එක්සත් ජනපද ඩොලර් මිලියන 60කට වැඩි මුදලක් ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය යන රටවලට යැවීමට කටයුතු කර ඇතැයි ද එම පුවත් සේවා වාර්තා කළේය.
සොරකම් කර ඇත්තේ තායිවානයේ ‘ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල්’ බැංකුවේ ගිණුම්වල මුදල්ය. එම මුදලින් රුපියල් කෝටි 11 හෙවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක මුදලක් ශ්‍රී ලංකාවේ ගිණුම්වලට ඒවා තිබූ බව වාර්තා වේ. එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක මුදල් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය ඉරිදා (8) වාර්තා කර තිබිණි.
සොරකම් කරන ලද මුදල්වලින් වැඩි මුදලක් නැවත සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි ද බැංකුවට තවමත් එක්සත් ජනපද ඩොලර් 500,000ක මුදලකට වූයේ කුමක් ද යන්න සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද ‘ෆෝකස් තායිවාන්’ සහ ‘තායිපේ ටයිම්ස්’ යන පුවත් සේවා වාර්තා කර තිබිණි.
මේ අතර ශ්‍රී ලංකාව හා තායිවානයුරාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වන හෙයින් අදාළ විමර්ශන කණ්ඩායම මෙරටට එවීමට කාලයක් ගත වනු ඇතැයි ද තායිවාන පුවත් සේවා වාර්තා කළේය.
055
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2012
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවාන අපරාධ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට