IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තුඹ කරවිලෙන් ගොවියා ගොඩ

ගලේවෙල දඩුබැදිරුප්ප දේවහූව පදිංචි කේ .ඒ. සිරිමන් (67) ගොවි මහතා ගොවිතැන් අත්හදා බලන අයෙකි. මෙවර ඔහු ප්‍රථම වතාවට තුඹ කරවිල වගාව ආරම්භ කර ඇත.

පැල 300ක් වගා කළේය. ගොවි මහතා කියා සිටියේ දින හතරකට වරක් කිලෝ 25 බැගින් අස්වනු නෙළන බවයි. කිලෝවක් රු 500 බැගින් නිවසටම පැමිණ වෙළෙන්දන් රැගෙන යන බව ඔහු පවසයි.

මෙම ගොවි මහතා මිට පෙර ඉඟුරු වගා කර අක්කර කාලකින් රු ලක්ෂ තුනක මුදලක් උපයා ගත්තේය. මෙම වගාවෙන්  එක දිගට අවුරුදු 4 ක අස්වැන්න ලැබෙන බවද ඔහු කියයි. ගොම පොහොර හැර කිසිදු රසායනික දෙයක් යොදවා නැති බවද ඔහු පවසයි.

karavila20159232 karavila20159233 karavila20159235 karavila20159237 karavila20159238 karavila201592328



අදහස් (0)

තුඹ කරවිලෙන් ගොවියා ගොඩ

අබරන් Thursday, 24 September 2015 01:52 AM

කොහෙද ඉතින්, අපේ ළමයි ගොවිතැන් දන්නේ නැහැනේ (නි)

:       0       0

විරාජ් Wednesday, 23 September 2015 11:51 AM

හොද ගණිත ගැටළුවක් තියෙනවා, එක ළුලයකින් ලැබෙන දෛනික අදායම කොච්චරද කියා ගණන් බලන්න (ම)

:       0       0

යසිකා Wednesday, 23 September 2015 12:20 PM

මේ ගැහැණු ළමය හරි ලස්සනයි. අහිංසක පෙනුමක් තිබෙනවා. පත්තර වල මේකප් තට්ටු කීපයක් දාගෙන ඉන්න කිසි ලස්සනක් නැති ගැහැණුන්ගේ පින්තුර දැකල දැකල මේවගේ කෙනෙක් දැක්කාමයි වෙනස තේරෙන්නේ. (බ)

:       0       0

චිත්‍රා Wednesday, 23 September 2015 12:23 PM

නොදන්නා නිසා අහන්නේ උයන හැටි සහ ශරීරයට ගුණදායක බවත් දැනගන්න කැමති (අ)

:       0       0

පාලින්ද Wednesday, 23 September 2015 01:06 PM

මේ ගැහැණු ළමයා දෙවෙනි සහ හතරවෙනි පින්තුරයේ ගොඩාක් තාත්විකයි. සිනානොමසෙන් දසන් දක්වා සියුමැලි ලඳේ....(අ)

:       0       0

ගීත්මාල් Wednesday, 23 September 2015 01:15 PM

ඔයන්නේ නැතිව අමුවෙන්ම කන්න හිතනවා (අ)

:       0       0

අජිත් Wednesday, 23 September 2015 01:16 PM

බොහොම ලස්සන අහිංසකාවියක්. මම ගොවි මහතාට සුබපතනවා. (අ)

:       0       0

ප්‍රියා Wednesday, 23 September 2015 02:01 PM

කාංචන මහතයා හෙයන්නෙම හොඳ තුඹ කරවිලමයි ගොවියාට ජයෙවිවා (අ)

:       0       0

සුනිමල් Wednesday, 23 September 2015 02:09 PM

හරිම හොද රසවත් කෑමක්, හොයන්නවත් නැහැ, (ම)

:       0       0

අනුර Wednesday, 23 September 2015 02:42 PM

මෙම තුඹ කරිවිල ඖෂධීය ගුණයෙන් යුක්තය කිසියම් කෙනෙක් අර්ශස් රෝගය ,සහ මලබද්දයෙන් පෙලෙනවනම් වෙනත් රෝග නිසා බටහිර බෙහෙත් පෙති ගන්නවනම් ආහාරයට ගෙන බලන්න පැරණි ආයුර්වේදී ඖෂධයක් දන්නා අය මිලට ගන්න නිසා වෙළඳපොළේ හිඟයක් තිබෙනවා (ම)

:       0       0

ගාමිණී සෙනෙවිරත්න Wednesday, 23 September 2015 03:00 PM

නංගියා බැදලද කියල හොයන්නේ තුඹ කරවිල කන්නද? (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 23 September 2015 03:20 PM

පියාගේ සිරියාව දුවගේ මුනෙන් පිළිබිඹූ වේ.....අලුත් අලුත් නිපැයුම් වලින් දැයේ දියුණුවට උරදෙන මෙවන් ගොවිපවුල් රටට වාසනාවන්...(ම)

:       0       0

සුනිමල් Wednesday, 23 September 2015 03:25 PM

තුඹත් ලස්සනයි නගෝ නුඹත් ලස්සනයි....(ම)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 09:06 AM

තුන් තුඹ මල් .. තුඹ මල් ....(බ)

:       0       0

උපුල් Wednesday, 23 September 2015 04:19 PM

හරිම චමත්කාරජනකයි (නි)

:       0       0

ස්වර්ණසිරි හේරත් Wednesday, 23 September 2015 09:20 AM

බුද්ධිමත් ගොවි මහතෙක්. ගොවිතැන් කටයුතු තව තවත් සරුසාර වෙන්න කියලා සුබ පතනවා (බ)

:       0       0

අප්පුහාමි Wednesday, 23 September 2015 04:30 PM

ඔබ ලංකාවේ සියලු ගොවියන්ට ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න මහා ලොකු උගතුන්ටත් ආදර්ශයක්.ජයවේවා !!! (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 23 September 2015 09:23 AM

අනිත් අයටත් හොඳ ආදර්ශයක් ....තෙරුවන් සරණ පතමි ..(බ)

:       0       0

භක්ති Wednesday, 23 September 2015 09:27 AM

රටටම ආදර්ශමත් ගොවි මහතෙක්.ඔබට ජය වේවා ! (බ)

:       0       0

නුවර Wednesday, 23 September 2015 09:31 AM

අනේ ලස්සන... ( තුඹ කරවිල වල ) (බ)

:       0       1

චන්දි Wednesday, 23 September 2015 05:14 PM

කට්ටියම ලියලා තියෙන්නේ තුඹ ගැන නෙමෙයිනේ.., චුටි දුව ගැනනේ. ඔන්න මමත් ඇය ගැන ලියනවා ඇත්තටම ලස්සනයි (නි)

:       0       0

කිත්සිරි Wednesday, 23 September 2015 09:31 AM

වාසනාවන්! දැන් මේක අහල ඔක්කොම කට්ටිය තුඹ කරවිල වවල විකුණගන්න බැරිව ලතෝනි තියනවා එහෙම නෙමෙයි. (බ)

:       0       0

වරුණ Wednesday, 23 September 2015 09:33 AM

තුන් තුබමල් නංගිගේ හිනා කටයි කමක් නෑ දුක්මහන්සියෙන් වවාගන්න දේට හොද ඉල්ලුමක් සාධාරන මිලක් ලැබිල අසරණ ගොවියෙක් ගොඩ යනවනම් එයත් අපමණ සතුටක් (බ)

:       0       0

විද්‍යා Wednesday, 23 September 2015 05:51 PM

මේ දැරීවිගේ සිනහව දකිනකොට තුඹ කරවිල මල් නෙමෙයි මහනෙල් මලුත් පිපෙයි. (නි)

:       0       0

චුල Wednesday, 23 September 2015 06:09 PM

මේ ගොවි මහතාගේ දුරකථන අංකය ලබාගන්නේ කොහොමද? (නි)

:       0       0

නිපුන Wednesday, 23 September 2015 09:53 AM

ඔබ තුඹ කරවිල මලක්! (බ)

:       0       0

මනෝජ් Wednesday, 23 September 2015 09:53 AM

ජය වේවා ! නුවණක්කාරී , නුවණක්කාරී , ඔබ ! අහන්ඩ ලැබුන දුර්ලබ ගනයේ ප්‍රවෘත්තියක් (බ)

:       0       0

කිත්සිරි Wednesday, 23 September 2015 06:39 PM

දකිනකොටත් ආසයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 10:06 AM

අාදායම් කියන්න එපා. ළඟදිම දේශීය අාදායම් එකෙන් ලියුම් එයි. වාසනාවන්.(ම)

:       0       0

චන්ද්‍රා Wednesday, 23 September 2015 10:14 AM

ඔබගේ මහන්සියට මගේ ප්‍රණාමය !!! (බ)

:       0       0

රවී Wednesday, 23 September 2015 10:22 AM

මේ නංගියා බැඳලද දන්නේ නෑ නේද ? (බ)

:       0       0

සමන් රාජිත බණ්ඩාර Wednesday, 23 September 2015 09:05 PM

නංගිගෙන් වැඩක් නැහැනේ. තුඹ කරවිල බලන්න යාළුවනේ (නි)

:       0       0

‍රැඩිකල් Wednesday, 23 September 2015 10:22 AM

දැන් ඉතින් හැමොම තුඹ කරවිල හදනව එහෙම නෙමේයි ඕන්..(ම)

:       0       0

ගයාන් Wednesday, 23 September 2015 10:23 AM

තුබ හැදෙන්නෙ අවුරුද්දට එක පාරයි (ම)

:       0       0

ප්‍රසාද් Wednesday, 23 September 2015 09:26 PM

සතුටුදායක පුවතක්. මෙම ගොවි මහතාට ජයෙන් ජය වේවා! ගොවිතැන් සරු වේවා! (නි)

:       0       0

සත්‍යයා Thursday, 24 September 2015 12:43 AM

මේ දරුවා මෙච්චර ලස්සන දේශීය දේවල්ම කාලා. අනේ වාසනාවන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site