IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තමිල්නාඩු පොලිසිය ඊළාම් සමුළුව තහනම් කරයි

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර දී සඳුදා පැවැත්වීමට නියමිත ඊළාම් සමුළුවට ඉඩ නොදෙන බව තමිල්නාඩු පොලිසිය එහි කැඳැවුම්කරු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක එන් කරුණානිධිට දැන්වීය. එහෙත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සමුළුව කෙසේ හෝ පවත්වන බව කරුණානිධි පවසයි. ඉන්දියා මහා ආණ්ඩුව ද ප්‍රාන්ත රජය ද මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතා ඇත. ඉන්දියා මහා ආණ්ඩුව පැහැදිලිව අවධාරණය කර ඇත්තේ දෙමළ ඊළාම් ආධාරකරුවන්ගේ සංවිධානයේ (ටෙසෝ) මෙම සමුළුවේ දී ඊළාම් යන වචනය කිසිම ආකාරයකින් යොදා ගැනීමට ඉඩ නොදෙන බවයි. කරුණානිධි විසින් ටෙසෝ සංවිධානය ඇති කැරුණේ 1980 වේදීය. සමුළුව තහනම් කිරීමට හේතු කිසිවක් පොලිසිය කියා නැතත් රජයේ රෝහලක් ආසන්නයේ පුංචි ක්‍රිඩාංගනයක පැවැත්වීමට නියමිත මේ සමුළුවට එන බව කියන අති විශාල ජනතාවට එම පිටිය ඉඩ නැති බව පෙන්වා දෙයි.ඩී.එන්.කේ පක්ෂ මුරහෙළ පුවත්පත සඳහන් කරනුයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ලක්ෂයකට අධික පිරිසක් පැමිණෙන බවයි. සමුළුවට එන වාහන 1250 නිසා ප්‍රදේශයේ දැඩි තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය කියයි. මේ සමුළුව සම්බන්ධයෙන් බොරු කතා පතුරුවා ඇතැයි ද කොටි හිතවාදීන් හා අන්තවාදීන් ඊට එතියි කියන කථාව සම්පූර්ණ අසත්‍යක් බව ද කරුණානිධි පවසයි. නීතියට ප්‍රකාරව උසාවියට කරුණු ඉදිරිපත් කර සමුළුව පවත්වන බව ඔහු අවධාරණය කරයි. දෙමළ ජාතික සංධානය එම සමුළුවට යන බව කියා තිබිණි. එහි යෑමට අවසර ඉල්ලූ  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට කොළඹ ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලයයෙන් වීසා නොලැබිණි.



අදහස් (0)

තමිල්නාඩු පොලිසිය ඊළාම් සමුළුව තහනම් කරයි

තරුෂ Saturday, 11 August 2012 10:37 PM

මෙයා න්‍යායාචාර්ය වෙන්න වගේ උත්සාහ කරන්නෙ කැපිල්ල හොඳයිනේ එංගලන්තෙ පුරවැසිකමත් දෙයි එහෙම උනොත්(නු)

:       0       0

උපාලි Saturday, 11 August 2012 11:11 PM

අපේ රටෙන් ඔකට යන්න හදන එක්කෙනාව මොන්ටිසෝරියකට ඇරලා ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවි පන්තිය උගන්නන්න ඕන..!!(නු)

:       0       0

සමීර Saturday, 11 August 2012 11:17 PM

ඊලාම් කොහෙද දැන්. එවුව නැහැ දැන් (දී)

:       0       0

සාලිය Sunday, 12 August 2012 07:41 PM

ජයවේවා

:       0       0

සේනානායක Saturday, 11 August 2012 11:23 PM

හොදම හොද වැඩේ. (නි)

:       0       0

මෙහොමඩ් ඉමිතියාස් Sunday, 12 August 2012 12:12 AM

මෙයාව ඉන්දියාවටම යවන්න...!!(නු)

:       0       0

නයෝමි Sunday, 12 August 2012 12:50 AM

අනේ හොදයි (දී)

:       0       0

අසන්ක Sunday, 12 August 2012 03:36 AM

ඕව එච්චර ප්‍රශ්න කරගන්න එපා සහෝදරවරුනේ. (නි)

:       0       0

සිල්වා Sunday, 12 August 2012 06:47 AM

ඔය තමිල්ණාඩුව ඉන්දියාවෙන් බෙදා වෙන් කර ගන්නේ නැතුව ඊළම එහේම පිහිටුවා ගත්තා නම් හරිනේ. (නි)

:       0       0

නීලා Sunday, 12 August 2012 06:49 AM

තමිල්නාඩුවේ තොටසක ඊළාම් රාජ්‍යය පිහිටුවා අපේ රටෙන් එහි යාමට කැමති අයව එහි යවමු. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 12 August 2012 11:26 AM

හොද ඉදිරි පියවරක් (නි)

:       0       0

විජේ Sunday, 12 August 2012 12:08 PM

ඔවුන් බලන්නේ මුදල් පමණි. (නි)

:       0       0

සින්හභාහු Saturday, 11 August 2012 02:16 PM

ලංකාව අපේ අපේ රටට මොකුත් කරන්න අපි දෙන්නේ නැහැ (දී)

:       0       0

අමිල Saturday, 11 August 2012 02:19 PM

අපේ රටට අහිතක් වෙන දෙයක් කරන්න දෙන්න එපා (දී)

:       0       0

සුජිත් Saturday, 11 August 2012 02:29 PM

ගහල එලවන්න තිබ්බේ (දී)

:       0       0

මොහොමඩ් රස්වාන් සෞද් අරාබිය Saturday, 11 August 2012 03:15 PM

ලොව වටේ සිටින මේ කොටි ත්‍රස්තවාදය ඉවර කළ යුතුයි (අ)

:       0       0

Chaminda Jayalal Saturday, 11 August 2012 03:23 PM

ත්‍රස්තවාදය ලොවේ පැවතුන තැනක් නෑ. මොනවා කළත් වැඩක් නෑ මෙයාලට ලංකාවේ ඉඩක් නෑ. මීට වඩා හොඳයි මේ සල්ලිවලින් දෙමළ මිනිසුන්ට උදව් කරන්න (අ)

:       0       0

අරුණ Saturday, 11 August 2012 03:33 PM

වික්‍රමබාහු මහත්තය හොඳට හම්බකරනවා ඇති. (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 11 August 2012 03:38 PM

කොටින්ට කිරි පොවල පරිප්පු කවල දැන් තහනම් කරනවා. (අ)

:       0       0

ranga shani Saturday, 11 August 2012 04:22 PM

ජනතාව එකතු වෙලා මේ මහත්තයාව රටින් එලවල දාන්න. ලංකාවේ ඉඳල ලංකාවටම අකුල් හෙලනවා. (අ)

:       0       0

අනුර Saturday, 11 August 2012 04:23 PM

දැං ඊළමක් නැහැ කරුණා නිධි මහත්තයෝ.. යන ලෝකෙකට ගිහිං ප්‍රභාකරන්වත් හමුවෙලා ‍ඊළමක් හදන්න බලමු..(නු)

:       0       0

දයා සෞදි Saturday, 11 August 2012 04:37 PM

මෙයාගෙ නමටත් ලැජ්ජයි කරන වැඩවල හැටි දැක්කම‍..(නු)

:       0       0

රොෂාන් Saturday, 11 August 2012 04:42 PM

මේ ඊළම හදන්නේ තමිල්නාඩුවේ නම් අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවේ එවැනි සමුළුවක් තියෙනවා නම් ජනපතිතුමාගේ අනුදැනුමක් අවශ්‍යයි. (අ)

:       0       0

මිලාන් Saturday, 11 August 2012 05:25 PM

වික්‍රමභාහු මහත්තයත් තමිල්නාඩුවට අරියනම් හරිනෙ නවතින්නම..!!.(නු)

:       0       0

අරිස් Saturday, 11 August 2012 05:40 PM

තමිල්නාඩුවෙ සමුළු තියන්නේ ලංකාවෙ ඊලාම් හදන්නයි... ඒ නිසා මේකට යන ලාංකිකයන්ට දඩුවම් කළ යුතුයි...!!.(නු)

:       0       0

ගැමුණු Saturday, 11 August 2012 06:03 PM

අපේ අදහස් දැකලා බයවෙලාද කොහෙද .(නු)

:       0       0

ගැමුණු Saturday, 11 August 2012 06:05 PM

කොටින්ට කිරි පොවලා අපිට පරිප්පු කැව්වා..(නු)

:       0       0

තුසිත ලියනගේ මාතර Saturday, 11 August 2012 06:07 PM

ඔය යන්න හදන කෙනාත් යවලා ලංකාවෙ වීසා අවලංගු කළානම් ඉවරයි..!!(නු)

:       0       0

ඉනෝකා Saturday, 11 August 2012 06:42 PM

අරුණ ඔය වගේ මිනිස්සුට මහත්තය කියන්න එපා. සිංහල මිනිසුන් බෝම්බ තියල මරණ කොට එය සාධාරනය කරපු කෙනෙක් තමයි ඔය තමිල්නාඩුවට යැවුවනම් තමයි හොද. ඉන්දියාවට දැන් දැන් මේ කට්ටියගේ තරම තෙරනව වගෙයි. (දී)

:       0       0

ප්‍රබත් Saturday, 11 August 2012 07:08 PM

මිනිහට ගහල දාමු කට්ටියක් යවල (දී)

:       0       0

සන්ජය් Saturday, 11 August 2012 07:17 PM

තේරෙන්නේ නැ, "කොටි හිතවාදීන් හා අන්තවාදීන් ඊට එතියි කියන කථාව සම්පූර්ණ අසත්‍යක් බව ද කරුණානිධි පවසයි" එහෙනම් එන්නේ කොටි විරුද්දවාදීන් ද? (දී)

:       0       0

කුම්ධාර් Saturday, 11 August 2012 07:27 PM

ඔය ඊලම තමිල්නාඩුවේම හද්දා ගත්ත නම් මොකද? (දී)

:       0       0

සන්ද්‍යා Saturday, 11 August 2012 07:42 PM

ලංකාවට මොකුත් කරන්න නම් දෙන්න එපා (දී)

:       0       0

සරත් Saturday, 11 August 2012 07:48 PM

ඇයි ශ්‍රී ලංකිකයෝ වික්‍රමභාහුට කළ හැකි දෙයක් යෝජනා කරන්නෙ නැත්තෙ..!(නු)

:       0       0

ෂෙරිෆ් Saturday, 11 August 2012 08:36 PM

පව් අනේ කොටියෝ මේ වගේ අනාත වෙයි කියලා මම නම් හිතුවෙ නැහැ.. පොඩි සමුළුවක් වත් තියාගන්න තැනක් නැහැ...!!(නු)

:       0       0

බමුණුසිංහ Saturday, 11 August 2012 08:39 PM

ඊළම බර්මියුඩා ත්‍රිකෝණයේ හැදුවා නම් නේද හොද? (නි)

:       0       0

චාමික නිශ්ශංක Saturday, 11 August 2012 09:18 PM

ලෝකයේ කොහේ ඊළම පිහිටුව්වත් අපිට කමක් නැහැ..ලංකාවෙ පිහිටුවන්න ආයෙත් හිතන්නවත් එපා සිහිනෙන්වත්... අපි මේරටේ සිටින සියලුජාතීන් සමගියෙන් ජීවත් වීමට අදිටන් කර ගනිමු...!!(නු)

:       0       0

චමින්ද ජයලාල් Saturday, 11 August 2012 09:34 PM

අල්ලපු රටේ ආණ්ඩුවට පණ නැහැ.. ඒකමුතු නැහැ මේ අය.. නැත්නම් මේ අයට මේවා වැ‍ඩ නෙමෙයි.. දුබල ආණ්ඩුවක්...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 296 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 253 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site