IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තමිල්නාඩු ධීවරයන් බේරා දෙන්නැයි ඉන්දීය විදේශ අමාත්‍යට ලිපියක්

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (28) තමිල්නාඩු ධීවරයන් 23 දෙනෙකු සහ ධීවර බෝට්ටු 5 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසත්  එම්.කේ ස්ටාලින් මහතා එම ලිපිය මගින් ඉල්ලීමක් කර තිබේ. මෙම වසරේ පමණක් තමිල්නාඩු ධීවරයන් 221 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇති බව ස්ටාලින් මහතා එම ලිපියේ සඳහන් කර ඇත. අඛණ්ඩව සිදුවන අත් අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවර කර්මාන්තය මත යැපෙන තමිල්නාඩු ධීවරයන් මහත් අපහසුතාවයකට පත්වන බවත් ඔවුනට ඉන්දීය මධ්‍යම රජයේ සහාය අවශ්‍ය බවත් එම්.කේ ස්ටාලින් මහතා එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ වන විට ඉන්දීය ධීවර යාත්‍රා 105 ශ්‍රී ලංකාව භාරයේ තිබෙන බවත් මීට පෙර අවස්ථාවලදී අත් අඩංගුවට ගත් ධීවරයන් ඉන්දීය මධ්‍යම රජයේ අඛණ්ඩ උත්සාහය හේතුවෙන් නිදහස් කර ගැනීමට හැකි වූ බවත් ස්ටාලින් මහතා පවසා තිබේ.කෙසේ නමුත් තවමත් එම ධීවරයන්ගේ යාත්‍රා තිබෙන්නේ ශ්‍රී ලංකාව බාරයේ බව ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.



අදහස් (0)

තමිල්නාඩු ධීවරයන් බේරා දෙන්නැයි ඉන්දීය විදේශ අමාත්‍යට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site