බංග්ලාදේශ ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල්, සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (23) පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී ආබාධයකට ලක්වීමෙන් තරගාවලියේ ඉදිරි තරග අහිමිවිය.
තමිම් ඉක්බාල් පන්දු රකිමින් සිටියදී කුසල් ජනිත් ගැසූ වේගවත් පහරක් රැකගැනීමට යෑමේදී පන්දුව දකුණු අතේ මහපට ඇගිල්ලේ වැදී ඇගිල්ල ආබාධයට ලක්වීමෙන් පිටියෙන් ඉවත් විය. අනතුරුව කළ එක්ස්රේ පරීක්‍ෂණයේදී ඇගිල්ල පැලී ඇති බව තහවුරු වී තිබේ.
දකුණු අතේ පහපට ඇගිල්ල පැලීම් තුවාල සිදුවී ඇති බවත් එය සුවවීමට සති 4 ත් 6 ත් අතර කාලයක් ගතවනු ඇති බවත් තමන් සදුදා (25) නැවතත් ඩකා නුවර බලා පිටත්ය යන බවත් තරගයෙන් පසු මාධ්‍ය හමුවට සහභාගී වෙමින් තමිම් ඉක්බාල් පැවසීය.
බංග්ලාදේශ පිලේ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා වන ශකීබ් අල් හසන් ද ආබාධයකට ලක්ව සිටීමෙන් ශ‍්‍රී ලංකා සංචාරය අහිමිවිය.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තමිම් ඉක්බාල්ට ඉදිරි තරග අහිමි වෙයි
තාරක Tuesday, 26 March 2013 01:43 PM
රට කුමක් උවත් ඔබට ඉක්මන් සුවය පතනවා (දී)
චාමි Sunday, 24 March 2013 12:26 PM
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
ශාන්ත Sunday, 24 March 2013 08:34 PM
මෙවන් දීප්තිමත් ක්‍රීඩා තරුවක් සමග ක්‍රීඩා කිරීමට නොහැකි වීම අප විසින්ද ලැබූ අවාසනාවකි. (නි)