(තරිඳු ජයවර්ධන සහ වවුනියාව සිතුම් චතුරංග)
අද සවස 5.00 ට පමණ යාපනය නල්ලූර් කෝවිල පසුපස මාර්ගයේදී කළ වෙඩිතැබීම තමන් ඉලක්ක කරගත් සිදුවීමක් බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා කියයි. වෙඩි තැබීම නිසා තුවාල ලත් ආරක්‍ෂක නිලධාරියාගේ සුවදුක් බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා උතුරේ මාධ්‍යව්දීන් අමතා එසේ ප්‍රකාශ කර තිබේ.
මෙම වෙඩිතැබීම හේතුවෙන් පොලිස් කොස්තාපල් විමලසූරිය සහ පොලිස් සැරයන් හේමචන්ද්‍ර යන අය රෝහල් ගතකර තිබේ. පොලිස් සැරයන් හේමචන්ද්‍රගේ උදරයට වෙඩි වැදී තිබෙන අතර කොස්තාපල් විමලසූරියගේ අතට වෙඩි වැදී තිබේ.
මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා අද සවස සිය නිවසට යද්දී ඇතිවූ මාර්ග අවහිරතාවක් හේතුවෙන් යතුරු පැදියෙන් බැසගත් ආරක්‍ෂක නිලධාරී සැරයන් හේමචන්ද්‍ර මාර්ගය සකසා ගත්තේය. එම අවස්ථාවේදී මාර්ගයේ සිටි පුද්ගලයකු සහ සැරයන් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් එම තැනැත්තා සහ සැරයන් වරයා අතර පොර බැදීමක් සිදුව ඇත. අනතුරුව සැරයන්ගේ පිස්තෝලය උදුරා ගැනීමට යාමේදී සැරයන් වරයාගේ උදරයට වෙඩි වැදී ඇතැයි යාපනය පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
යුධ පුහුණුව ලබපු කොටි යාපනේ ඉන්නවා , පොලසියේ අවි උදුරාගෙන පොලිසියටම වෙඩි තියන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ , සහජීවන කතා පැත්තකට දමල උතුරේ ආරක්ෂාව තර කරන්න
දොරේ අප්පා මහතාට වෙඩි තිබ්බේ මොකටද? මේකත් ඒවගේ වෙන්න පුළුවන්.
කොටි නිදි නෑ, බුද්ධි අංශ අවදියෙන් ඉන්න.
මේ සිද්ධිය දිහා බැලුවොත් මෙම පොලිස් නිලධාරියාට වෙඩි තියන්න සිද්ධ වෙනවා. එසේ වෙඩි තිබ්බොත් මෙම නිලධාරීන්ට සිදුවෙන්නේ වැඩ තහනමකට ලක්වෙලා දිගටම සිරගත වෙලා ඉන්නයි. පසුගිය දවස්වල උතුරේ සිදුවූයේ මේවායි. අවසානයේ මෙම පොලිස් නිලධාරියාට තමන්ගේ ජීවිතයත් පූජා කරන්න වුණ එක ඉතා කණගාටුයි.
තවදුරටත් විග්නේෂ්වරම්, සිවාජිලංගම් වගේ මහත්වරුන් හුරතල් කළොත් හරි නේද?