IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තැපැල් සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

(යොහාන් භාසුර)

ඒකාබද්ධ තැපැල් වෘත්තිය පෙරමුණ අද (11) පස්වරු 4.00 සිට හෙට (12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි දැනුම්දී ඇති බවත් සේවය පවත්වාගෙන යෑම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (11) පස්වරුවේ පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලයන්හි නිලධාරීන්ට පැය 240 ක උපරිම අතිකාල දීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව කී ආරියරත්න මහතා අතිකාල ප්‍රශ්නය ඇතුළු සියලුම ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබාදී ඇති බව ද සඳහන් කළේය.

සේවය පවත්වාගෙන යෑම සදඟා සියලුම සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී ඇති බව ද ආරියරත්න මහතා දුරටත් කීය.

 



අදහස් (1)

තැපැල් සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

Nimal Monday, 12 December 2022 01:13 PM

පැය 240 ක් අතිකාල දීමනා කියන්නේ දවසකට පැය 8ක් අතිකාල වැඩ කරලා... එතකොට සාමාන්‍ය වැඩ කාලය පැය 7ක් වගේ ගත්තොත්, හැමදාම පැය 15ක් විතර වැඩ කරලා... මේවා ගැන කවුරුවත් හොයන්නේ, බලන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site