IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් සිරවෙයි

(නිමල කොඩිතුවක්කු)

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්්‍යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ  4 ක් පමණ  සිරවී ඇතැයිද ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පවරා ගැනීම, නව බඳවා ගැනීම් කඩිනම් කිරීම, වැටුප් වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ(10) පස්වරු 4.00සිට පැය 48 ක කාළයක් සඳහා තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.

වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් කාර්යාල කටයුතු ඇතුලු සියලුම සේවාවන් අද (11) දිනයේත් ඇණහිට තබූ අතර ඇතැම් තැපැල් ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබිණ.

වර්ජනයෙන් ලිපි හා පාර්සල් බොදාහැරිම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්්‍යාලය අනුබද්ධ සියලුම සේවාවන් මුලුමනින්ම  අණහිටීමෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්විය.

මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා වර්ජනයෙන් ඇනහිට තිබූ බවත් විසිහත්දහසකට ආසන්න තැපැල් සේවකයෝ මේ සඳහා සහයෝගය පළ කළ බවත් තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.



අදහස් (2)

තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් සිරවෙයි

Lal Monday, 11 December 2023 07:02 PM

මෙච්චර සෙනඟක් මොකටද එක කන්තෝරුවකට ...? පින් පඩි ගන්නවා...!

:       0       0

City Tuesday, 12 December 2023 05:49 AM

කරුණාකර තැපැල් සේවා පෞද්ගලීකරණය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site