IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තැපැල් ඡන්දයට තවත් දිනයක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇතැයි එම කාර්යාල ආරංචි කියයි.

ඒ අනුව මෙතෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් සඳහා ලබන 11 වැනිදා ඡන්දය ප්‍රකාශ කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 3 වැනිදා අධ්‍යාපන හා පොලිස් සේවයේ නිරත රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබූ අතර සෙසු රාජ්‍ය සේවකයන්ට 5, 6 දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුණි.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් මෙතෙක් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ අඩු ප්‍රතිශතයක් බැවින් මෙසේ අතිරේක දිනයක් ලබාදීමට තීරණය කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

 

 



අදහස් (0)

තැපැල් ඡන්දයට තවත් දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site