IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තැපැල් ඇමැති ලියුම් කන්ද ළඟ

නිවාඩු  දිනයන්හී දී දීමනා ලබා නොදෙන්නේ යැයි පවසමින් තැපැල්  සේවකයන්  අද (18) සිට අකුරට  වැඩ  කිරිම නිසා  ගොඩ  ගැසුණූ  ලිපි  හා  පාර්සල්  තොගය බැලීමට  තැපැල්  ඇමැති  ඒ.එල්.එම්. හලීම්  මහතා  අද කොළඹ  මධ්‍යම තැපැල්  හුවමාරුවට  ගියේය.

එක්  දිනකට  පමණක්  ලිපි  එක්ලක්ෂ පනස්  දහසකට  ආසන්න සංඛ්‍යාවක්  මධ්‍යම තැපැල්  හුවමාරුවට  ලැබේ. සේවකයින්  200 දෙනෙකුගේ  පමණ හිඟයක්  පවතින බවත්  නිවාඩු  දින වලට ද අතීකාල දීමනා  ගෙවන්නේ  නම්  මෙසේ  ගොඩගැසුණු  ලිපි  හා  පාර්සල්  ඉතා  ඉක්මණින්  බේදාහැරීමට  හැකි  බවත්  සේවකයෝ අමාත්‍යවරයාට  පැවසීය.

RDS_9078 RDS_9123 RDS_9171



අදහස් (0)

තැපැල් ඇමැති ලියුම් කන්ද ළඟ

රොකී Thursday, 18 February 2016 03:46 PM

වැඩ කටයුතු හරියට කරන්න බැරිනම් පෞද්ගලික අංශයට භාර දෙන්න. හිටපු තැපැල්පතිගේ කෙරුවාවල් එහෙමත් පහුගිය කාලේ ලීක් වුනානේ. හැම එකාම හදන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවගේ ලේ ටික උරා බොන්න. එතකොට නම් සිංහ ලේ හොයන්නේ නැහැ! (බ)

:       0       0

කපිල ඩුබායි Thursday, 18 February 2016 11:44 AM

මේ වගේ අය ඉන්නකම් මේ රට හදන්න බෑ. සේවකයො අඩු වෙන්නෙ කොහොමද? දෑන් වෑඩිපුර විද්යුත් ලියුම් යන්නෙ, වෙන රටවල්වල තෑපෑල් සේවකයො අඩු කරන්වා ලාබ ලබන්න. මෙහෙ වැඩි කරනවා. (ර)

:       0       0

රවි Thursday, 18 February 2016 12:19 PM

ඔකේ හුගක් අය උදේ ඉදලම බීගෙන ඉන්නේ..... ඕව චෙක් කරලා ඉන්න ඉස්සෙලා (අ)

:       0       0

බෙනට් Friday, 19 February 2016 04:01 AM

සේවකයන් 200 කගේ හිඟයක් තියෙනවලු දවසකට එන ලිපි 150,000 සමග වැඩ කරන්න .. දැන් ඉන්න සේවකයෝ හැර ... ලිපි 150,000 ට සේවකයන් 200 ක් වැඩට ගත්තොත් ලියුම් 150,000 / සේවකයන් 200 = එක සේවකයෙකුට දිනකට ලියුම් 750 ක වැඩ වෙන්වෙනවා .. ලියුම් 750 / දිනක වැඩ වෙලාව පැය 8 =ලියුම් 94 පැයකට.. අලුතෙන් සේවකයෝ 200 ක් ගත්තොත් දැනට ඔතන වැඩට ඉන්න අයට හැමදාම වැඩට ඇවිත් දවසේ පැය 8 ම නිදාගන්න පුළුවන් .. ඔන්න ඔය හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි .. (බ)

:       0       0

විජේරත්න Thursday, 18 February 2016 01:15 PM

මෙවැනි ස්ථාන ඉක්මනින් පරිගණකගත කළ යුතුයි. (බ)

:       0       0

ලක්මාල් Friday, 19 February 2016 07:45 AM

මෙතන 150,000ක් ලෙස සදහන් වන්නේ ලියාපදිංචි ලිපි පමනයි. ඊට අමතර‍ව සාමාන්‍ය ලිපි, ස්පීඩ් පොස්ට් භාණ්ඩ, පාර්සල් තැපෑල් භාණ්ඩ, දුරකතන බිල්පත් වැනි අයිතම ප්‍රමාණය මේ ප්‍රමානය මෙන් කිප ගුණයක්. ඊට අමතර‍ව තැපැල් දෙපාර්තමේන්තුව සපයන නියෝජිත සේවා ද විශාල ප්‍රමාණයක්. (විදුලි බිල් රැස් කිරීම, විභාග ගාස්තු, මනි ඹඩර් සේවාව, ජා.ඉ.බැංකු කටයුතු, දුරකථන බිල් රැස් කිරීම‍. ආදීය මෙන් තවත්) මේ සියල්ලටම තමයි 200ක් පුරප්පාඩු. මුලු ලංකාවෙම මේ තත්වය 2000කට ආසන්නයි. ඒ වගේම තමයි රජයේ සේවා සපයන ආයතනයක් ලෙස තැපෑල වර්තමානයේ අයකරන්නේ සාමාන්‍ය ලිපියකට රැ10 හා ලියාපදිංචි ලිපියකට රැ 35යි. (ර)

:       0       0

බෙනට් Friday, 19 February 2016 04:13 AM

මේ තියෙන වීඩියෝ එකේ විනාඩි 4.12 සිට බලන්න .. තැපෑලේ පමණක් නෙමෙයි ලංකාවේ මොන රජයේ ආයතනයේ වුනත් සේවකයෝ වැඩ කරන්නේ ඔය විදියටයි .. ඔහොම වැඩ කරලා ලියුම් ලක්ෂයක් නෙමෙයි දවසටම 100ක් හරි පිට කරනවා නම් ලෝක පුදුමයක් ..(බ)

:       0       0

චාමර Friday, 19 February 2016 04:53 AM

පෞද්ගලික විය යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site